Colombo Today Local News

පාස්පෝට් කාර්යාලයට විරුද්ධව මානව හිමිකම් යයි

ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධානීන් ජන මාධ්‍යවේදීන්ගේ දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන බවත්, 1962 දරණ ක්ෂණික ඇමතුම් අංකයට ප්‍රතිචාර නොමැති බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පැමිණිල්ලක් සිදුකර තිබේ.

ආගමන විගමන පාලක ජනරාල්ගේ කාර්යාලයීය හා ජංගම දුරකතන අංකයටත්, අතිරේක පාලකගේ ජංගම දුරකතන අංකයටත් දින දෙකක සිට ඇමතුම් ලබා ගත්තද ඊට කිසිදු ප්‍රතිචාරක් නොදක්වන බවද පැමිණිල්ලේ සඳහන් වේ.

ජනවාරි 7 වන දා උදෑසන 10:00 සිට සවස 4:30 වන තෙක් ද, ජනවාරි 8 වන දා උදෑසන 10 සිට සවස 4:30 වන තෙක් ද ජනවාරි 9 වන දා උදෑසන 11:00 සිට සවස 12:30 වන තෙක් ද දුරකතන ඇමතුම් 50කට වඩා සංඛ්‍යාවක් ජනමාධ්‍යවේදීන් විසින් ලබා ගනු ලැබුව ද ඉහත සඳහන් කළ කිසිම දුරකතන අංකයකට අදාළ බලධාරීන් හෝ ඔවුන්ගේ කාර්ය මණ්ඩලවල පිරිස් හෝ ප්‍රතිචාර නොදක්වන බව ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

ආගමන විගමන පාලක ජනරාල්ගේ +94 11 2 101551 දරණ කාර්යාලයීය දුරකතන අංකයට ඇමතුම් ගත්ත ද ප්‍රතිචාර දක්වන්නේ නැතැයි මාධ්‍යවේදීහු රැසක් ම පවසති. ඊට අමතරව, අතිරේක පාලකගේ +94 11 2 101552 දරණ කාර්යාලීය අංකයටත්, +94 112 101 500 දරණ පොදු අංකයටත්, 1962 දරණ ක්ෂණික ඇමතුම් අංකයටත් අවස්ථා ගණනාවකදී ඇමතුම් ලබා ගත්තද කිසිවෙකු ඊට ප්‍රතිචාර නොදක්වන බවට ද ඔවුහු වැඩිදුරට ත් චෝදනා කර සිටිති.

Related posts

තහනම පුස්සක් වෙයි. අබ්දුල් රාසික් “මුස්ලිම් වාමාංශික පෙරමුණ” නමින් එලියට. අන්තර්ජාලයේත් නිදහසේ සැරිසරයි.

colombotoday

බස් ගාස්තුව ජූලියේ සිට ඉහළට !!

colombotoday

‘අනුර කුමාර ලස්සන වෙලා… හිනා වෙන්නෙත් නෑ’

Admin

පරිසරය විනාශ කරනවා, ගස් කපනවා කියමින් කෑ ගසන අයට වැවක අවශ්‍යතාව තේරෙන්නේ නැහැ

colombotoday

අද විදුලි කප්පාදුව පැයකින් අඩු වෙයි

colombotoday

පාඨලීගේ 43 සේනාංකය සහ වෙල්ගමගේ පක්ෂය ඉදිරි ඡන්දයට එක්වෙයි

Admin