Colombo Today Local News

ආපහු දේශපාලනේට ආවේ ජනතා ආයාචනය නිසයි

සිය කඳවුරේ කිහිපදෙනකුගේ ද සහාය මත තමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තැතක් තිබූ බවත් සමගි ජන සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් නායක අපේක්ෂක චමින්ද විජේසිරි මහතා පවසයි.

“පාර්ලිමේන්තුවෙන් එළියට බැස තමන් හොරකම්, වංචා කළේ නැහැ කියලා ඔප්පු කර පෙන්වන්න දෙසිය විසි පහෙන් එකෙකුට පුළුවන් වුණා නම් පුළුවන් වුණේ චමින්ද විජේසිරිට පමණයි. ඉතිහාසයේ පළමු වතාවට එහෙම දෙයක් කරන්න මට පුළුවන්කම ලැබුණා. ඒ අපි හරියට අවංකව මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු නිසයි. එහෙම නැත්නම් මේ වගේ තීරණයක් ගන්න බැහැ.

පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණීමේ කතාවේ තව නොකී කතාවකුත් තිබෙනවා. මම පාර්ලිමේන්තුවෙන් එළියට බහින අවස්ථා වන විට දේශපාලනිකව අභ්‍යන්තර කුමන්ත්‍රණ හරහා මගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සහ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කටයුතු වෙමින් තිබුණා. ඒ සඳහා අපේ පිලේ අපේ කඳවුරේ අය කිහිපදෙනෙකුගේ සහයත් ලැබෙමින් තිබූ බව කනගාටුවෙන් වුණත් කියන්න ඕනා. පාර්ලිමේන්තු නිලධාරියකුට සහාය වීමට අපේ කිහිප දෙනෙක් කටයුතු කරමින් තිබුණා. සමහරු ඒ සඳහා විකෘති සාක්ෂි සපයමින් උදවු උපකාර කළා.

කවුරුහරි අපට වංචා දූෂණ චෝදනා කරනවා නම් මම ඔවුන්ට කියන්නේ කරුණාකර අපට එරෙහිව පැමිණිලි කර අධිකරණය හමුවට යන ලෙසයි. එහෙම නැතුව චෝදනා කර කර ඉන්න එකේ පලක් නැහැ. අපට චෝදනා කරන ඇතැමුන්ට අද ආණ්ඩු බලය තිබෙනවා. ඔවුන්ට තව දුරටත් අපට විරුද්ධව චෝදනා කරන්න බැහැ. මොකද ඔවුන් සතුව තමයි අද ආණ්ඩු බලය සහ පොලිසිය තිබෙන්නේ. බොරුවට චෝදනා නොකර දැන්වත් අපට විරුද්ධව කටයුතු කරන්න ඔවුන්ට පුළුවන්. මෙච්චර කාලයක් පෙන්නපු ෆයිල්වලට දැන් මොකද වෙලා තියෙන්නෙ කියන ප්‍රශ්නය අපට අහන්න වෙනවා. ජනාධිපතිතුමා දැන් කියනවා ඔවුන් ළඟ ෆයිල් 400ක් තියෙනවා කියලා. දැන් බලය තියෙන්නේ ඔවුන් අතේ. ෆයිල් ගැන කියව කියව ඉන්නේ නැතුව දැන් පුළුවන් ඒවාට විරුද්ධව කටයුතු කරන්න.”

චමින්ද විජේසිරි මහතා ඊයේ (20) මෙම අදහස් පළ කළේ මහියංගණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

Related posts

ගිනිගත් නෞකාවේ හිමිකරුවන්ගෙන් මිලියන 340ක් ඉල්ලයි

colombotoday

ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩගැනේ (Photo)

colombotoday

ආණ්ඩුවේ ඇතැමුන්ගෙන් අධිකරණ විනිසුරුවන්ට බලපෑම් – අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට විරෝධතාවක්

Admin

අනන්‍යතාව තහවුරුකරගත නොහැකි මුහුණු ආවරණ තහනම්…

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ හුවමාරු මාධ්‍යස්ථානයක් වෙලා – ඇමති සාගල

colombotoday