Colombo Today Local News

ඊබ්‍රාහිම් රයිසි මිය ගිය බව තහවුරු වූ මොහොතේම ඔහු එවූ තිළිණය ලංකාවට ලැබෙයි

ආන්දෝලනාත්මක හෙලිකොප්ටර් අනතුරෙන් මිය යාමට පෙර දිනයේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මෙරට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර වෙත එවන ලද විශේෂිත ලෝහමය සිහිවටනයක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍යවරයා වෙත ඊයේ (20) දින භාරදී තිබෙනවා.

පසුගියදා ඉරාන ජනාධිපතිවරයා උමාඔය ජල විදුලි ව්‍යාපෘතිය විවෘත කිරීමට මෙරටට පැමිණි අවස්ථාවේදී, ඔහු මෙරට ඇමැති මහින්ද අමරවීර හට සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඇරයුමක් කළ අතර ඒ අනුව, ඇමැතිවරයා පසුගියදා ඉරානයේ සංචාරයකට සහභාගී වුණා.

එම සංචාරයෙන් පසුව මියගිය රයිස් ජනාධිපතිවරයා විසින් අමරවීර අමාත්‍යවරයාට ලෝහමය විශේෂිත ත්‍යාගයක් එවා තිබුණා.

එම කරුණ සුවිශේෂී වනුයේ ඉරාන ජනාධිපතිවරයා හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව නිල වශයෙන් ප්‍රකාශ කෙරුණු ඊයේ (20) දිනයේදීම අමරවීර අමාත්‍යවරයාට අදාළ ත්‍යාගය ලැබීමයි.

Related posts

වෙඩි කෑ සයිටම් ලොක්කා පොලිසියටත් නොදන්වා රට පනී !!

colombotoday

විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපොළේ විශේෂ කවුළු ඇරෙයි

Admin

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ඩිජිටල් කාඩ්පතක්

colombotoday

LTTE එක ගේන එකයි අපේ එකම අරමුණ – විජයකලා මහේෂ්වරන් : Video

colombotoday

ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්

Admin

චීන ජාතිකයන් ගැන ලංකාවේ ඇතැම් අයගේ ක්‍රියාකලාපය පිළිබදව චීන තානාපති කණගාටුව පලකරයි !

colombotoday