ලෝකයේ විශාලතම මෝටර් රථ වෙළෙඳපොළ චීනය ලෙස සැලකෙයි. එහි විද්යුත් මෝටර් රථ සඳහා ද ඇත්තේ දැඩි ඉල්ලුමකි.
මේ වනවිට ටෙස්ලා සහ BYD වැනි සමාගම් චීන වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටියි.
චීනයේ ප්රමුඛ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන සියෝමි සමාගම චීන විද්යුත් මෝටර් රථ වෙළෙඳපොළ තරගය වැඩි කිරීම සඳහා එක්වී තිබේ.
එම සමාගම නිපදවූ පළමු විද්යුත් මෝටර් රථය මෙම මස එළිදැක්වීමට නියමිතය.
මෝටර් රථ වල මිල මාර්තු 28 වනදා නිවේදනය කරන බව සමාගම පැවසීය.
සියෝමි චීනයේ පස් වැනි විශාලම ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම යි