දැදුරු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
ඉදිරි පැය 24 සඳහා එම අනතුරු ඇඟවීම දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට හා මාර්ගවල ගමන් ගන්නා අයට මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.