Colombo Today Local News

කුඩු අල්ලන්න ගිය පොලිස් නිලධාරීන්ට පහරදීමක්

පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය බාධා එල්ල කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රඹුක්කන තිස්මල්පොල ප්‍රදේශයේදීයි.

නාරම්බැද්ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදි සැකකරුවන් විසින් අදාළ නිලධාරීන්ට පහරදීමක් සිදුකර තිබේ.

පහරකෑමෙන් තුවාල ලැබු එම නිලධාරින් දෙදෙනා රඹුක්කන රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

පහරදීමට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුව රඹුක්කන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

බන්ධනාගාරය ලොහාන් රත්වත්තේට බාර දෙයි

colombotoday

නව අධ්‍යාපන ලේකම්වරිය ධුරයේ වැඩ අරඹයි

Admin

විභාග රාජකාරියේ යෙදෙන නිලධාරීන්ට ප්‍රමුඛතා පදනම මත ඉන්ධන

colombotoday

පළමු වසරේ දැරියකට කනට ගැසූ ගුරුවරියක් අත්අඩංගුවට

Admin

කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ඉන්දීය සහය

colombotoday

බංගලාදේශයට ණය ඩොලර් මිලියන 200න් කොටසක් ගෙවයි

Admin