සිරියාවේ හොම්ස් නගරයේ හමුදා ඇකඩමියකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 100ක් පමණ මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා කැඩෙට් නිලධාරීන්ගේ පවුල්වල සහභාගිත්වයෙන් පැවති උපාධි ප්‍රදානෝත්සවයක් ඉලක්ක කර ඇති අතර මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් ද වන බව වාර්තා වෙයි.
නිලධාරීන් පවසන්නේ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇත්තේ හෝම්ස් හි වයඹ දෙසින් විපක්ෂයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවලින් බව විශ්වාස කෙරෙන බවයි.