Colombo Today Local News

උසස් පෙළ පැවැත්වෙන දින ගැන තීරණය ලබන සතියේ

අපොස උසස් පෙළ (2023) විභාගය ස්ථිර වශයෙන් පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව ලබන සතියේදී ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (21)දින පැවසීය.

විභාගයට සූදානම් වීමට ඇති කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බොහෝ සිසුන්ට සිදුවී ඇති අසාධාරණය සැලකිල්ලට ගෙන පාසල් වාර සටහනට අගතියක් නොවන ආකාරයට විභාගය සංශෝධනය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අපොස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසූවේ…

එම සංශෝධිත දිනය ලබන සතියේ දී ප්‍රකාශ කරනවා. විභාගයට සූදානම්ව සිටින මවුපියන් ඇතුළු විශාල පිරිසක් මෙම විභාගය කල් නොදමන ලෙස ඉල්ලා සිටින බවත් දැනුම් දීමට කැමතියි බවයි.

Related posts

UPDATE – ඇගමැතිවරයා හදිසියේ සිංගප්පූරුවේ රෝහලකට!

colombotoday

ඇමරිකා හමුදාව ශ්‍රී ලංකාවේ ස්ථානගත වීමේ සූදානමක්.. 5වන නෞකා බළඇණිය ඩෙල්ෆ් දූපතට !!!

colombotoday

විමල්ට විරුද්ධව බදුර්දීන් වාරණ නියෝගයක් ගනී

colombotoday

1948 සිට ද්‍රවිඩයන්ට හිරිහැර වුණා. ඒ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ – සංගරිගේ පුතා කැනඩා රජය උසී ගන්වයි

colombotoday

අන්තරේ පා ගමනට පොලිසියෙන් කඳුලු ගෑස්

colombotoday

යහපාලනය ගැන කලකිරුණු ප්‍රබල ඇමති 4ක් මහින්ද හමුවෙයි

colombotoday