World

ඉන්දීය අගමැති විශ්වාසභංගය ජය ගනී

ඉන්දීය වාර්ගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පැවති විවාදයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය විශ්වාසභංගය ජය ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින තුනක විවාදයකින් අනතුරුව අගමැති නරේන්ද්‍ර මෝදි විශ්වාසභංගය ජය ගත් අතර ඉන්දියාව අපකීර්තියට පත් කිරීමට විරුද්ධ පක්ෂ දරන උත්සාහයක් ලෙසට මෙය හඳුන්වා ඇත.

විපක්ෂ නායකයින් පවසන්නේ ඊසානදිග මනිපූර් ප්‍රාන්තයේ දැනට පවතින වාර්ගික ගැටුම් පිළිබඳව කතා කරන ලෙස මෝදිට බලකිරීම සඳහා මෙම යෝජනාව ගෙන ආ බවයි.

බහුතර Meitei කණ්ඩායම සහ ගෝත්‍රික කුකී ප්‍රජාව අතර ගැටුම් ඇති වූ මැයි මාසයේ සිට මනිපූර් හි 150කට වැඩි පිරිසක් මිය ගොස් දස දහස් ගණනක් අවතැන් වී තිබේ.

මනිපූර් ප්‍රාන්තයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් රාහුල් ගාන්ධි ඉන්දීය අගමැති මෝදිට දොස් පවරා ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය 2014 බලයට පත්වීමෙන් පසු විශ්වාසභංගයක් පරාජය කළ දෙවැනි අවස්ථාව මෙය බවද සඳහන්.

Related posts

චීනයේ පතලක් තුළ නායයෑමකින් 19ක් මරු දකී…

Admin

මියන්මාර් හමුදාවේ වෙඩි පහරින් ළමුන් 43ක් මිය ගිහින්

colombotoday

මියන්මාර හමුදා පාලනය – විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

colombotoday

කැස්ස සිරප් පානය කල උස්බෙකිස්තානයේත් ළමුන් 18ක් මිය යයි

Admin

තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයට පළමු වරට චීන තානාපතිවරයෙක්

Admin

කම්කරුවන් පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday