BusinessColombo Today Local News

අධි සුඛෝපභෝගී හම්බන්තොට ෂැන්ග්‍රී-ලා ජූනි 1 විවෘත වේ

හම්බන්තොට ඉදිවෙමින් පවතින හම්බන්තොට රිසෝට් ඇන්ඩ් ස්පා එළඹෙන ජූනි 01 වන දින විවෘත කරන බව සමාගම ප්‍රකාශ කර සිටී. අක්කර 145 ක් පුරාවට විහිදුණු මෙම නිකේතනය, වෙරළට මුහුණ ලා ඉදිවුණු කාමර 300 කින් හා සිදුරු (Golf hole) 18 ක ගොල්ෆ් පිටියකින් සමන්විත අතිසුඛෝපභෝගී හෝටලයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෂැංග්‍රි-ලා හි සභාපති හා ප්‍රධාන විධායක, ග්‍රෙග් ටොගන් මහතා මෙසේ අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාව වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින රටක්. ඉන්දියානු සාගරයේ ඉතා සුන්දර තැනක පිහිටි ශ්‍රී ලංකාව වසර 2,000 කට අධික ඉතිහාසයකට හිමිකම් කියනු ලබනවා. එහි ස්වභාව සෞන්දර්ය අතිරමණීයයි. එසේම එහි ජනතාව අතිවිශිෂ්ටයි. ෂැංග්‍රි-ලා අතිසුඛෝපභෝගී නිකේතනය හම්බන්තොට ඉදිවන්නේ ඒ අනුවයි.“

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ෂැංග්‍රි-ලා සභාපතිවරයා කියා සිටියේ ෆ්ලයි ඩුබායි හා රොටානා ජෙට් ගුවන් සේවයන් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළ වෙත සෘජු ගුවන්ගමන් ක්‍රියාත්මක වන බැවින් ඉතා පහසුවෙන් ෂැංග්‍රි-ලා හම්බන්තොට රිසෝට් වෙත ළඟා විය හැකි බවයි. මත්තල ගුවන් තොටුපළේ සිට හෝටලයට ඇති දුර කිලෝමීටර 35 කි.

මේ අතර කොළඹ ගාලු මුවදෙර ඉදිවන ෂැංග්‍රි-ලා හෝටලය2017 වසරේ දී විවෘත කිරීමට නියමිත බව සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

AdaderanaBiz

Related posts

අල්ලස් ඉල්ලපු වනාතවිල්ලුවේ OIC ට වැඩ වරදී

colombotoday

කාලි ආරූඪ වී වෛද්‍යවරයෙකුට පහර දුන් ධම්මික බණ්ඩාරට පොලිසියේදී සිදු වූ දේ

colombotoday

ආනයනික අර්තාපල් බද්ද රු.30කින් ඉහළට

Admin

ලෝක පරිසර දිනය අදයි

colombotoday

ආරුමුගන් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබෙන ඩො.මි. 252ක ණය වාරිකය අනුමතයි

colombotoday