Colombo Today Local NewsUncategorized

පොලිසියට එරෙහිව පැමිණිලි 11,450 ක්..

පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇතැයි ජාතික පොලිස් කොමිසම පවසයි.

වසරේ ගතවූ කාලය තුළ පොලිසියට එරෙහිව පැමිණිලි 11,450 ක් ලැබී ඇති බව එම කොමිසම සඳහන් කරයි.

ඉන් පැමිණිලි 9774 ක්ම ලැබී ඇත්තේ මහජන පැමිණිලි භාර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති 1960 ක්ෂණික දුරකතන අංකයටයි.

අනෙකුත් පැමිණිලි මහජන පැමිණිලි විමර්ශන අංශයට ලැබී තිබේ.

ඉන් පැමිණිලි 1800කට අධික සංඛ්‍යාවකට මේ වන විට විසඳුම් ලබා දී අවසන් ය.

පැමිණි විභාග නොකිරීම,බලය අයුතු ලෙස භාවිත කිරීම මෙන්ම පහරදීම් සම්බන්ධයෙන්ද පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජනතාව පැමිණිලි කර ඇති බව පොලිස් කොමිසම පවසයි.

1960 ක්ෂණික දුරකතන අංකය හරහා පැය 24 පුරා පොලිසියේ අනීතික ක්‍රියාවලට එරෙහිව පැමිණිලි කිරීමට ජනතාවට අවකාශ පවතින බව ජාතික පොලිස් කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි

Related posts

අතේ පත්තුවූ සිංහරාජයේ ජාන කොල්ලය – ස්ලෝවැකියානුවන් පස්දෙනෙක් රිමාන්ඩ්

colombotoday

පාර්ලිමේන්තු සැසිවාරය කුමන හේතුවක් නිසාවත් අවසන් කරන්නේ නෑ – ජනපති

colombotoday

තේ කර්මාන්තශාලාවේ ගින්නකින් ලක්ෂ 80ක අලාභ හානි

colombotoday

මිනුවන්ගොඩ ඝාතන සිදු කළ ප්‍රධාන වෙඩික්කරු අල්ලයි

Admin

සරණ ගුණවර්ධන වැරදිකරු කරමින් සිර දඬුවම් නියම කෙරේ !

colombotoday

රජයේ ස්ථිර රැකියා මීටපසු නෑ -ආයතන ප්‍රධානියා අකමැතිනම් වසර අගදී රාජ්‍ය සේවයෙන් දොට්ට

colombotoday