Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවන් වැල නොකැඩී විදේශ ගත වෙයි – මෙරට ගුවන් යානා පදවන්න එතෙරින් ගන්න යයි

ශ්‍රී ලන්කන් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවාවන් හි පවතින නියමුවන්ගේ හිඟයට පිළියමක් වශයෙන් විදේශීය ගුවන් නියමුවන් බදවා ගැනීම සඳහා අවසරය පතා ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ. ජයකාන්ත මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ගුවන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, ගුවන් නියමුවන් මේ වනවිට වැල නොකැඩී විදේශ ගත වෙමින් පවතින බවත්, එයට හේතුව විදේශීය ගුවන් සේවා සමාගම් ඉහළ වැටුප් ගෙවමින් සිටින බවත් ඔහු පවසයි.

එම වැටුප්, මේ රටේ ඔවුන්ට ගෙවන වැටුප් මෙන් පස්, හය ගුණයක් වැඩි බවත්, ඒ නිසා එම ගුවන් සේවා වෙත අපගේ ගුවන් නියමුවන්ගෙන් ලොකු ඉල්ලුමක් පවතින බවද සඳහන් කරයි.

සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය, පොදුවේ ලෝකයේ සියලුම එකම ආකාරයට ක්‍රියාත්මක වන අතර,එනිසා අපගේ ශ්‍රී ලාංකික ගුවන් නියමුවන්ට තවත් වෙන රටක වැඩ කිරීම ගැටලුවක් නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින්ගේ මාරාන්තික උපවාසය තවදුරටත්

colombotoday

TNL රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවයි..!

colombotoday

හිටපු ජනපති මෛත්‍රී ඉදිරි ජනාධිපතිවරණයටත් තරග කිරීමේ සූදානමක්

Admin

පොළොන්නරුවේ ස්ත්‍රී දූෂණ 63 ක් : 10 ක් ම 16 ට අඩු දැරියන් !

colombotoday

ජනපතිට විරෝධය පලකර එජාප මන්ත්‍රී පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි

colombotoday

ලීසිං සීසර්ලාගේ නීති විරෝධී වැඩ වළක්වන්න ජනපතිගෙන් නියෝගයක්

colombotoday