Colombo Today Local News

ගෝඨා ⁣ට වෙච්ච දේ රනිල්ට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැහැ

ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙච්ච දේ රනිල් වික්‍රමසිංහ මහත්තයට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

දැන් තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොව මිනිස්සුන්ට ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයක් බව ද ඒ නිසා මැතිවරණ කාලෙට පමණක් දේශපාලනය කරමු යැයි අලුත්ගමගේ මහතා කියයි.

“සුරංනා කතා ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් රටට, ගමට වැඩක් වුනේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදියි. ගමේ කොල්ලට, කෙල්ලට රස්සා ලැබුනේ ඒ කාලෙදියි. සමගි ජන බලවේගය, සජිත් ප්‍රේමදාස මහත්තය ගැන කතා කරල වැඩක් නෑ. ඒක නිකං කාලය කා දැමීමක්. හෙට අනිද්දට ඔහුගේ 60,70ක පිරිසක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව ඉඳගනීවි. ඔහුට තමන්ගේ සගයෝ ටික තියාගන්න බෑ.

ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පතිවත දැන් එළිවෙලා ඉවරයි. ඒක නිසා පහුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් වල හිටපු මිත්‍රයොත් අද අපේ රැස්වීමට ඇවිල්ලා යනුවෙන් ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ඥාණසාර හිමි ඝාතන කුමන්ත්‍රණයක්, ප්‍රබල ඇමති පිටුපසින්“ පොලිස්පතිට පැමිණිලි

colombotoday

හුසේන්ගේ ජිනීවා නිර්දේශ ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි !

colombotoday

තවත් නෞකා දෙකකින් ඉන්ධන ගොඩබෑම අද අරඹ‍‍යි

colombotoday

විධායක ජනපති ධුරය අහෝසි කිරීම – සහය ඕනනම් මහින්දගෙන් අනුරට කොන්දේසියක්

colombotoday

කුඹුරුයායක අභිරහස් ලෙස මිය ගිය කතකගේ සිරුරක්

Admin

මහ කන්නයේ හෙක්ටයාර 845,000ක වී වගාවට සැලසුම්

colombotoday