Colombo Today Local News

ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබාදුන් සහය ඇමෙරිකාව පසසයි

ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහයේ දී ඉන්දියාව ලබාදුන් ක්‍රියාකාරී සහාය ඉතාමත් වැදගත් වූ බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය පවසන්නීය.

වොෂින්ටනයේ පැවති එක්සත් ජනපද සහ ඉන්දියානු ව්‍යාපාරික කවුන්සිල සමුළුවේදී යෙලන් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

තවද පසුගිය මාස හයක කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව ක්ෂේත්‍ර කිහිපයක ප්‍රගතියක් ලබා තිබෙන බවත් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අර්බුදය සාර්ව ආර්ථික වර්ධන වේගය සහ ස්ථාවරත්වය අවදානමට ලක් කරන බවත් යෙලන් මහත්මිය එහි දී පෙන්වා දී තිබේ.

ණය අර්බුදයට මුහුණ දී සිටින රටවලට අවශ්‍ය වේලාවට පුළුල් ණය සහන ලබාදීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව ඇතත් ශ්‍රී ලංකාවේ ඇතිවූ හදිසි අවස්ථාවේදී සහාය වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් යෙලන් මහත්මිය එහි දී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට සහය වීම සඳහා ගත් ක්‍රියාකාරී ක්‍රියාමාර්ග ඉතා වැදගත් වූ බව යෙලන් මහත්මිය එහි දී පෙන්වා දී තිබේ.

Related posts

යාපනයට මන්ත්‍රී ධුරයක් වැඩිවෙයි.. බදුල්ලට අඩුවෙයි !

colombotoday

ඩි.ඒ රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ සෙසු විත්තිකරුවන් 6 දෙනාත් චෝදනාවලින් නිදහස්

colombotoday

බැසිල් අගමැති කරවීමේ සැලැසුම වෙල්ගම හෙළි කරයි

colombotoday

ගංජා ගස් දහසක හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

Admin

ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

Admin

බදියුදීන් අයිය මලෝගේ ජාවාරමෙන් ලංකාවේ ගම්මිරිස් කර්මාන්තය හාන්සියි…

colombotoday