Colombo Today Local News

නියෝගය පිළිපැදීමට බැඳීම් නැහැ – අජිත් රෝහණගෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ලිපියක්

ස්ථාන මාරු කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීමේ බලයක් නැතැයි දකුණු පළාත් බර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ලිපියක් මගින් එම අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාට දැනුම් දී තිබේ.

ඒ අනුව එම නියෝගය පිළිපැදීමට තමන් බැඳීම් නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ලිපියෙන් සඳහන් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු පොලිස් කොමිසම විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට නියෝග නිකුත් කරනු ලැබුවේ ඊයේ (25) දිනයේදීය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊට එරෙහිව මෙම ලිපිය යොමු කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීමට බලය ලබා ඇත්තේ ජාතික පොලිස් කොමිසමට බව ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත.

පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුව සහ විජේසූරිය එදිරිව රජය 1974 එන් එල් ආර් 25 නඩුවේ නියෝග අනුව අනීතික නීතිය ක්‍රියාත්මක කිරීමට තමා බැඳීම් නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සිය ලිපියේ සඳහන් කර තිබේ.

Related posts

පුපුරණ ද්‍රව්‍ය කූරු 7,990ක් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ව්‍යාජ හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර අල්ලන්න ආයතන දෙකක් එක්වෙයි

Admin

කුරානය තහනම් කරනු – පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්

colombotoday

පළාත් සභාවලට උපරිම බලය බෙදන්න රාජිත බරටම වැඩ

colombotoday

බැදුම්කර වංචාවට අගමැති සහ මුදල් ඇමති වගකිව යුතුයි – ඔව්.. නෑ…

colombotoday

ඇමරිකන් බඩු වලට ගහන බදු කපන සැලසුමක්?

Admin