Colombo Today Local News

රතිඤ්ඤා කරල අතේ පුපුරා දරුවෙකු රෝහලේ

රතිඤ්ඤා කරලක් දැල්වීමට යෑමේ දී එය අතේ පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලැබූ අට හැවිරිදි දරුවෙකු අද (18) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල මොරහෙල ප්‍රදේශයේ දරුවෙකි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙමාපියන් විසින් ගෙනැවිත් දුන් රතිඤ්ඤා කරලක් අතෙහි තබා දැල්වීමට යෑමේ දී එය පුපුරා යෑමෙන් අනතුර සිදුව ඇත.

රතිඤ්ඤා කරල පුපුරා යෑමෙන් අතට හා ඔහුගේ මුහුණට තුවාල සිදුව ඇත.

Related posts

ජනපතිගේ සැර ප්‍රකාශයට කතානායකගෙන් පිළිතුරු ලිපියක්

colombotoday

“අයිතීන් වෙනුවෙන්” අන්තරේ හෙට කොළඹට

colombotoday

ව්‍යාජ රන් අලෙවි කිරීමට තැත් කළ 6 දෙනෙකු අත්අඩංගුවේ.

colombotoday

ආර්ථික අහේනිය නිසා දියවන්නාවේ මාළු ඇල්ලීම වැඩි වෙලා

colombotoday

ගෝඨා දිවයිනට පැමිණෙයි

colombotoday

තවත් ඇමතිකම් 6කට ජනපති නම් ඉල්ලයි…

colombotoday