Colombo Today Local News

අධික රස්නයෙන් ආරක්ෂා වෙන්න – කාලගුණය අනතුරු අඟවයි

ප්‍රදේශ රැසකට අධික රස්නය සහිත කාලගුණයක් පවතින බවත් කුඩා දරුවන්, මහලු පුද්ගලයන් සමේ අසාත්මික තත්ත්වයන් සහිත පුද්ගලයන්, ගර්භණී මවුවරුන් ඇතුළු සියලු දෙනාට ඉන් දැඩි බලපෑමක් එල්ල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි,

මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය පුරා පැවතිය හැකි බවත් අවදානම් සහිත සියලු දෙනා දැඩි හිරු එළියට නිරාවරණය නොවිය යුතු බවද එම දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද, කුරුණෑගල, වවුනියාව, කිලිනොච්චි, මුලතිව් වැනි පළාත් ගණනාවකට ම දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මෙම පළාත්වල මිනිස් සිරුරට දැනෙන අධික රස්නය පිළිබඳව සියලු දෙනා අවධානය ලබා දිය යුතු බව ත් අධික රස්නයට නිරාවරණය වීමෙන් සමේ රෝග ඇති විය හැකි බව ත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.

මෙම කාල සීමාව තුළ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම වැනි දේ සිදු කිරීමෙන් උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා විය හැකි බව ද එහි දක්වා තිබේ.

Related posts

ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ වර්ග රැසක් ආනයනයට අවසර

colombotoday

මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ 14ක් නිදහස්

colombotoday

ඇවිද ගිය සබීතාගේ කෝටිපති සැමියා මහපාරේ සිහිසුන්ව ඇද වැටෙයි

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියේ තොරතුරු නිළධාරිනිය “ගොන් පාර්ට්” දමයි

colombotoday

ආණ්ඩුවේ දූෂිතයන්ටත් මගෙන් බේරුමක් නෑ – ජනපති

colombotoday

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළට

colombotoday