Colombo Today Local News

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රකා දින 5ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20ත් 25ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මගින් අදාළ මුදල් ලබා ගන්නා ලෙස දැනුම් දුන් බව නිවේදනයක් නිකුත් කරමින් කොමිසම පවසයි.

එමෙන්ම මුද්‍රණාලයාධිපතිනිය කරන ලද ඉල්ලීම අනුව පොලිස් ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව සහ අවශ්‍ය දින පිළිබඳ තොරතුරු පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙස හා ඒ අනුව අවශ්‍ය ආරක්ෂාව ලබාදිය හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) විසින් දන්වා ඇති බව ද කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ඡන්ද විමසීමට අදාළ ඉන්ධන ලබා දීමේ තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා ඛණිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් ඉදිරි දින කිහිපය තුළදී ලබා දීමට ද එකතාව පළ කර තිබේ.

එමෙන්ම ඡන්දයට ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් ගේ මූලික වැටුප පමණක් ඡන්දය ප්‍රමාද වන කාලය තුළ ගෙවීමට සුදුසු බව ද මැතිවරණ කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

Related posts

වෙල්ගම පොහොට්ටුවේ සංවිධායක දුරයෙන් ඉවතට

colombotoday

ජවිපෙ 20ට එරෙහිව ගම්මන්පිල අධිකරණයට…

colombotoday

ජනපතිගේ ඔත්තුකරුවන් වැඩ අරඹයි.. පොහොට්ටු පුම්බන්න යන මන්ත්‍රීන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් !

colombotoday

මඩකලපුවේ හින්දු ආගමික මධ්‍යස්ථානයකට ‘සංහිදියා‘ මුස්ලිම් විරෝධයක් !!

colombotoday

බස් වර්ජනය අවසන් වෙන්න හේතුව මෙන්න

Admin

ඊසි කෑෂ් මගින් සැකකරුවන්ගේ මුදල් ගත් නියාමකගේ වැඩ තහනම්.

colombotoday