Colombo Today Local News

බල්ගේරියා තානාපතිනී එලේනෝරා ඩිමිට්‍රෝවා ලංකාවට සමු දෙයි

ශ්‍රී ලංකාවේ බල්ගේරියානු තානාපතිනී එලේනෝරා ඩිමිට්‍රෝවා ( Eleonora Dimitrova) මහත්මිය මෙරට සේවා කාලය නිම කර සිය රට බලා නික්ම යෑමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වි තිබේ.

එලේනෝරා මහත්මිය සමඟ සුහඳ කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන් සේවාව ඇගයීමට ලක් කරමින් ඉදිරි කටයුතු වෙනුවෙන් ද සුභාශිංසන එක් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියේ දී ද ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව එලේනෝරා මහත්මිය එහිදී සඳහන් කළාය.

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදු විය.

Related posts

එජාප හිටපු ඇමැති රවී කරුණානායක පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට

colombotoday

මෛත්‍රී ට වාරණ නියෝගයක්

Admin

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන දිනය ගැන ජනපතිගෙන් ඉගියක්…

colombotoday

යුද ජය සමරන්න හමුදා ආචාර පෙළපාලි නෑ: ‘ජයග්‍රාහී දිනය’ නමත් වෙනස්‌ කරනවා – රජය ජිනීවා සමුළුවට දන්වයි

colombotoday

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday

ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් තවත් අයෙක් හෙළිවෙයි !

colombotoday