Colombo Today Local News

අපේ සහයෝගයට ඇඟිලි ගහන්න එපා – චීනය අමෙරිකාවට කියයි

චීනය ශ්‍රී ලංකාව සමඟ තිබෙන සමීප සහයෝගීත්වයට ඇඟිලි ගසනවාට වඩා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරුතා මඟ හරවා ගැනීම සඳහා හෘදයාංගමව යමක් කළ යුතු බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් මහහත්මිය ඊයේ (02)දින පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.

චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් ණය සහනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිගත් නිර්දේශයන්ට අනුකූලව චීනය ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික ලබා දෙනු ඇතැයි ඇමෙරිකාව අපේක්ෂා කරන බවත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පසුගියදා සිදුකළ ශ්‍රී ලංකා සංචාරයේදී පැවති මාධ්‍ය හමුවේදී පවසා තිබේ.

නූලන්ඩ් මහත්මිය කළ ප්‍රකාශයෙන් සත්‍ය පිළිබිඹු නොවන බවත් චීනයේ එක්සිම් (අපනයන – ආනයන) බැංකුව මේ වන විටත් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය සඳහා සහාය ලබා දෙන බව ලිඛිතව මේ වන විටත් ශ්‍රී ලංකාවට දන්වා ඇති බවත් මාඕ නින්ග් මහත්මිය ප්‍රකාශ කර ඇත. එම ලිපියට ධනාත්මකව පිළිතුරු සපයමින් ශ්‍රී ලංකාව චීනයට ස්තුති කර තිබෙන බවත් මාඕ නින්ග් මහත්මිය පෙන්වා දී තිබේ.

සැබෑ මිතුරකු ලෙසත් අසල්වැසියකු ලෙසත් ශ්‍රී ලංකාව මුහුණ දෙන අසීරුතා සහ අභියෝග පිළිබඳ අවධානයෙන් සිටිමින් චීනයට හැකි උපරිම ධාරිතාවයෙන් මෙරට ආර්ථික සහ සමාජයීය වර්ධනයන් සඳහා සහාය වන බව මාඕ නින්ග් මහත්මිය ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව චීනයට ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන් නිශ්චිත එකඟතාවයකට පැමිණීම සඳහා චීන මූල්‍ය ආයතනවලට චීන රජය උපරිම සහාය ලබා දෙන බව මාඕ නින්ග් මහත්මිය පවසා තිබේ.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ධනාත්මක කාර්ය භාර්යයක් ඉටු කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ වැඩ කිරීමට සුදානම් බවත් ණය බර සැහැල්ලු කරමින් තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට චීනය සහාය වන බවත් නින්ග් මහත්මිය ප්‍රකාශ කර ඇත.

Related posts

අජිත් ප්‍රසන්න වහා නිදහස් කරන්නැයි රණවිරුවෝ වීදි බසිති.

colombotoday

දොස්තරලා හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි.. මූලික වැටුපට අත නොතබනු

colombotoday

දෙමල සන්ධානය, නිදහස් පක්ෂය සමග සන්ධාන ගතවීමේ සූදානමක් (VIDEO)

colombotoday

වරාය අධිකාරිය පනත සංශෝධනයට අනුමැතිය

Admin

කලාපයේ රටවල් අඩු පොලියට ණය ගද්දි ලංකාව ගිනි පොලියට ණය අරගෙන. ඇමති රවී පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

colombotoday

ජනපති විල්පත්තුව ගැන ගත් තීරණයම ගනී.. නකල්ස් රක්ෂිතය පිළිබදව කැබිනට් මණ්ඩලයට උපදේශයක්

colombotoday