Colombo Today Local News

දිවයිනේ බොහෝ රෝහල්වල ඖෂධ නැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

දිවයිනේ බොහෝ රෝහල්වල රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඇතැම් ග්‍රාමීය හා පර්යන්ත රෝහල්වල ඖෂධ නොමැති වීමෙන් ජනතාව අසීරුතාවයට පත්ව ඇති බව, මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා සඳහන් කරයි.

ඔවුන්ට සායන හා බාහිර රෝගී අංශවලින් ලබාගත යුතු ඖෂධ වැඩි ප්‍රමාණයක් බාහිරින් මිලදී ගැනීමට සිදුව ඇති බව චම්ලි විජේසිංහ මහතා පවසයි.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ, බොහෝ රෝහල්වල ඖෂධවල අඩුවක් දක්නට ලැබෙන බවයි.

ඇතැම් ස්ථානවල ඖෂධ ඇති බවත් ඒවා අඩු ස්ථානවලට යැවීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පවසයි.

Related posts

සටන් පාඨ නවතී.. එසවූ කොඩිවැල් පහත වැටේ.. පාද යාත්‍රාවෙන් හොරගොල්ල සමාධියට හරසර!

colombotoday

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

colombotoday

උද්ඝෝෂණ කරන්න කොළඹින් තැන් දෙකක් වෙන් කරයි

colombotoday

අධිකරණයේ විභාග වන නඩු වාර්තා තොගයක් රන්ජන්ගේ නිවසින් සොයාගනී…

colombotoday

වසර තුනහමාරටකට පසුව වැඩිම සංචාරකයන්ගේ පැමිණීම නොවැම්බරයේ

Admin

වටදාගෙය අසළ පුරා විද්‍යා භූමියේ පස් අලෙවි කරති

colombotoday