Colombo Today Local News

කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් අත්හිටුවයි

කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් පමණ සඳුදා (16)දින සිට අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

වියදම අඩුකිරීම සඳහා එම පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එලෙස අවලංගු කෙරෙන දුම්රිය ගමන්වාර පහතින්,

ප්‍රධාන මාර්ගය -18
කැලණිවැලි මාර්ගය – 2
මුහුදුබඩ මාර්ගය – 8
පුත්තලම මාර්ගය – 2

මේ අතර, අද (13)අලුයම 5ට පමණ හබරන ගල්ඔය ප්‍රධාන දුම්රිය මාර්ගයේදී මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ පුලතිසි සීඝ්‍රගාමි දුම්රියේ ගැටි වනඅලියෙකු මියගොස් තිබේ.

වනඅලියා ගැටීම හේතුවෙන් දුම්රියේ එන්ජීම පිලීපැන තිබුණි.එසේම මෙම අනතුර නිසා නැගෙනහිර පළාතේ දුම්රිය ගමනාගමනය නැවතී තිබේ.

මෙම දුම්රියේ ගැටුණු වනඅලියා දුම්රිය මාර්ගයේ මීටර් 15ක් පමණ ඇදී ගොස් තිබුණි.

Related posts

පුතුට කුඩු ගෙන ආ මවක් අත්අඩංගුවට

Admin

“මේ ව්‍යවස්ථාව ගේන්නෙම රටේ ඒකීය භාවය අහෝසි කිරීමටයි“ – රතන හිමි

colombotoday

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Admin

‘ජාතිවාදීන්’ හිරේ දමන දණ්ඩනීති සංශෝධන පනත ආණ්ඩුව මුළුමනින්ම හකුලාගනී !

colombotoday

රනිල්ට උපදෙස් දුන් සමාගමකට ගෙවන්න ‘රුපියල් කෝටි 12ක්’ ආණ්ඩුවෙන් ඉල්ලයි

colombotoday

මෙල්බර්න් කම්බිවලට එරෙහිව සංවිධාන කිහිපයක් අධිකරණයට

colombotoday