Colombo Today Local News

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකසන්න අනුමැතිය

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2019-10-29 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ සඳහා අනුමැතිය ලබාදී ඇති අතර, 2019-11-01 වන දින රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඇත.

එම පනත් කෙටුම්පතට අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වුවත් එය න්‍යාය පුස්ථකයට ඇතුළත් කර නොමැත.

වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් වඩාත් කාර්යක්ෂමව, ඵලදායිව ඉටුකිරීමට හැකි වන පරිදි මුල් පනත් කෙටුම්පතට නව සංශෝධන ඇතුළත් කරමින් වැඩි දියුණු කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නව පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ පිළිබඳ අදහස් හා කරුණු දැක්වීමට ඇත්නම් ඊළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ බව ප්‍රකාශ කරන ලෙසත් ජනාධිපතිවරයා දැනුම්දී ඇත.

ඒ අනුව නව ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතක් ඉදිරි වර්ෂයේ දී සම්මත වෙන බව ද අමාත්‍යවරයා පවසයි.

Related posts

O/L ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

රවිරාජ් ඝාතන චෝදනාවෙන් නිදහස් වී අද පාරන්දර ගෙදර ගිය බුද්ධි අංශ නිලධාරීන් රට ගැන කී දේ (Video)

colombotoday

පෙම්වතුන්ගේ දිනය දා කාත්තන්කුඩියේ පෙම්වතුන්ට අනතුරු ඇඟවීමක් !

colombotoday

අන්තිමට ඉතිරි වෙන්නේ ‘රාජ පස්ස’ විතරයි

colombotoday

අනුර අත්අඩංගුවට ගන්නැයි සී.අයි.ඩී.යට පැමිණිල්ලක්

Admin

අන්තවාදයට එරෙහිව ලාංකික හින්දු ප්‍රජාවත් අස්ගිරි මහා සංඝ සභාව සමග එක්වෙයි !

colombotoday