Business

සල්ලි අච්චු ගැසීම ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක්

මුදල් අච්චු ගැසීම යනු මහ බැංකුවේ සංචිත මුදල් කොපමණ ප්‍රමාණයකින් ප්‍රසාරණය වනවාද යන්න බවත් එලෙස 2022 වසරේ මේ දක්වා (ජනවාරි – ඔක්තෝබර්) කාලය තුළ සංචිත මුදල් ප්‍රසාරණය වී ඇත්තේ රු. බිලියන 47 කින් පමණක් බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මෙහිදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ 2021 වර්ෂය තුළ දී රු. බිලියන 341 කින් සංචිත මුදල් වැඩි වී ඇති බවයි.

අද (24)දින පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මුදල් අච්චු ගැසීම කියන්නේ සාමාන්‍යයෙන් මහ බැංකුවේ සංචිත මුදල් කොපමණ ප්‍රසාරණය වෙනවාද කියන එක. සංචිත මුදල් විශාල වශයෙන් වැඩිවෙන කොට මුදල් අච්චු ගැසීම වැඩියි කියලා තමයි කියන්නේ. සංචිත මුදල් වැඩිවෙන ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් කෙලින්ම ගන්න කොට හරි වෙළෙඳපොළෙන් ගන්න කොට හරි එතන එක ක්‍රමයක්. අපි විදේශ විනිමය ගන්න කොට එලියට දාන ප්‍රමාණය නැවත අඩුවෙනවා. පොලී අනුපාත වැඩි කරන කොට සංචිත මුදල් නැවත මහ බැංකුව ඇතුළට ආවාම ඒක අඩුවෙනවා. ඒ ක්‍රම ඔක්කෝම එකතු කරලා බැලුවාම සංචිත මුදල් වැඩිවෙච්ච ප්‍රමාණය, මුදල් අච්චු ගැසීම කියලා තාක්ෂණිකව කිව්වොත්, සංචිත මුදල් කොපමණ වේගයකින් වැඩිවුණාද, රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර වැඩි වුණාද අඩුපුර වැඩිවුණාද කියන එක තමයි ප්‍රශ්නය තියෙන්නේ. සංචිත මුදල් වැඩිවෙන්න ඕනේ, අනිවාර්යයයෙන් යම්කිසි කාලයක් තුළ. මොකද රටේ ආර්ථිකය වර්ධනය වෙන කොට සංචිත මුදල් වැඩිවෙන්න ඕනේ. ඒක ඕනෑවට වැඩිය වැඩිවුණොත් තමයි, ඕනෑවට වැඩියෙන් මුදල් අච්චු ගහලා කියලා, යම්කිසි ආකාරයට කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන්.

මහ බැංකු අධිපතිවරයා සඳහන් කළ ආකාරයට පසුගිය වසර තුනක කාලය තුළ දී මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රසාරණය වී ඇත්තේ පහත ආකාරයෙනි.

2020 – රු. බිලියන 31

2021 – රු. බිලියන 341

2022 – රු. බිලියන 47

මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙලෙස කරුණු පැහැදිලි කරන ලදී.

එතකොට පෙන්නුම් කරන ආකාරයට පහුගිය අවුරුදු ටිකේ වැඩිවෙච්ච එක සෑහෙන ප්‍රමාණයකින් ඒ වැඩිවීමේ වේගය අඩුකරලා තියෙනවා. ඒකෙන් පෙන්නේ මුදල් අච්චු ගැසීමේ යම්කිසි ප්‍රමාණයක් පහුගිය කාලයේ දී සිද්ධ වුණාද, ඒ ප්‍රමාණය යම්කිසි ආකාරයකට සෑහෙන දුරකට පාලනය කරලා තියෙනවා දැඩි මුදල් ප්‍රතිපත්තිය, පොලී අනුපාතය වැඩියෙන් තබා ගැනීම තුළින් තමයි මේක කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි දකින්නේ මුදල් සංසරණය අඩුවෙලා කියලා කියනවා දැන්. ඒකෙන් පේන්නේ ඒකේ එක කොටසක් තමයි රට තුළ මුදල් සංසරණය. මුදල් සංසරණය බැලුවොත්, 2020 වසර තුළ සංචිත මුදල් අර ප්‍රමාණය වැඩි වුණාට මුදල් සංසරණය වැඩිවෙලා තියෙනවා බිලියන 156 කින්, 2021 වර්ෂය තුළ බිලියන 170 කින්, 2022 වර්ෂය තුළ වැඩිවෙලා තියෙන්නේ බිලියන 21 කින් විතරයි.

පැහැදිලිව අපේ මුදල් ප්‍රතිපත්තිය යම්කිසි ආකාරයක ක්‍රියාත්මක කිරීම තුළින් ඒ මුදල් අච්චු ගැසීම කියන එක මුදල් සංසරණය සෑහෙන අඩුවෙලා තියෙනවා.හැබැයි මුදල් සංසරණය දිහා බැලුවොත් අපේ Treasury bill holding කියන එකෙන් විතරක් ඒක වැරදි අර්ථකථනයක්.

Related posts

ආර්ථික ඔස්තාර්ලා සිටිද්දී රුපියල 3.8% කින් පිරිහිලා

colombotoday

IOC පෙට්‍රල් ලීටරයක් රු.20කින් ඩීසල් රු.15කින් මිල ඉහළට

colombotoday

වී අලෙවි මණ්ඩලය “PMB Rice” වෙළෙඳපලට

colombotoday

ඉතිහාසයේ ඩොලරයක වැඩිම විකුණුම් මිල අද

colombotoday

ඩොලරය රුපියල් 230 සීමාවේ

colombotoday

ඇදුම් ගන්න සිංහල කඩයක් සොයනවාද? – කොඩියෙන් හදුනාගන්න කුරුණෑගල බොදු වෙළදසැල්

colombotoday