Colombo Today Local News

පොහොට්ටුවට එරෙහි ප්‍රචාර වලට දැඩි වෙවිමින් මහින්ද යළි නැගීසිටියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර එල්ල කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇත.

පොදුජන පෙරමුණු පක්ෂයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ එසේ මඩ ප්‍රචාර එල්ල කරන කිහිප දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් පිළිබඳව නීති මගින් කටයුතු කිරීම සඳහා පක්ෂයේ නීතිඥ කණ්ඩායමට එම විස්තර ලබාදීමට කටයුතු කරන බවද පොදුජන පෙරමුණු මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසා ඇත.

මෙම මඩ ප්‍රචාර දියත් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ කණ්ඩායම් කිහිපයක් මේ වනවිට කටයුතු කරමින් සිටින බව ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නම්වලින් පෙනී සිටිමින් පොදුජන පෙරමුණට හා එම පක්ෂ නායකයන්ට මඩ ප්‍රහාර දියත් කිරීමට මෙම පිරිස කටයුතු කරමින් සිටින බව ද සාගර කාරියවසම් පවසයි.

විශේෂයෙන් ම, එළඹෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් පොදුජන පෙරමුණ පක්ෂය පිළිබඳව ජනතා අප්‍රසාදය ඉස්මතු කරලීම සඳහා මෙම පිරිස බළකායක් ලෙස එක්වී පක්ෂයට පහර දෙන බව ද ඔහු පවසයි.

මෙම මඩ ප්‍රහාර එල්ල කරන පිරිස පසුගිය දා පැවති අරගලයේදී ද තම පක්ෂයටත්, නායකයන්ටත් විශාල වශයෙන් අගතියක් වන ලෙස අවලාද හා අපහාස සිදු කළ බව ත් තම පක්ෂය ඔවුන්ව හඳුනාගෙන ඇති අතර කඩිනමින් මෙම පිරිසට නීති මගින් කටයුතු කිරීමට පක්ෂ නායක මහින්ද රාජපක්ෂ උපදෙස් දුන් බවද පක්ෂ ලේකම්වරයා කියයි.

මේ පිළිබඳව මේ වනවිට පක්ෂයට සම්බන්ධ නීතිඥවරුන් කරුණු අධ්‍යයනය කරමින් සිටින අතර එළඹෙන සතියේදී ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණ ඇති බව ත් සාගර කාරියවසම් වැඩිදුරට ත් කියයි.

Related posts

කොරියාවෙන් ආ 180ක් මඩකලපුව ශරියා නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

පාස්කු වන්දි නඩු විමසීමට දින දෙයි

Admin

රක්ෂිතයකින් දිරාගිය කාන්තා අස්ථි කොටස් හමු වෙයි

Admin

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

colombotoday

නොරොච්චෝලේ ජනන යන්ත්‍රය සක්‍රිය කිරීමට දින 3 – 5 කාලයක් ගත වේවි – කංචන විජේසේකර

colombotoday

අද විදුලිය විසන්ධි කරන කාල සටහනේ වෙනසක්

colombotoday