Colombo Today Local News

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින අයගේ තොරතුරු දෙන්නැයි නියෝග

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඇතුළු තොරතුරු මේ මස 28 වැනිදාට පෙර මුදාහරින ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පොලිසියට නියෝග කර තිබේ.

මෙම තොරතුරු නිශ්චිත කාලය ඇතුළත ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංකා පොලිසියට සහ තොරතුරු නිලධාරීට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට තීරණය කළ බව ද කොමිෂන් සභාව දැනුම් දී ඇති අතර තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව එලෙස නියෝග කළේ නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා ගොනු කළ අභියාචනයක් විභාග කිරීමෙන් පසු තීන්දුව ලබා දෙමිනි.

නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට කළ අභියාචනය කට අනුව එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු (විශ්‍රාමික) උපාලි අබේරත්න, අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු (විශ්‍රාමික) රෝහිණී වල්ගම, ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටො ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජගත් ලියන ආරච්චි යන කොමසාරිස්වරුන් ඉදිරියේදී විභාගයට ගැණිනි.

Related posts

සහරාන්ගේ බිරිඳ පාස්කු කොමිසමට

colombotoday

මහාධිකරණ විනිසුරු පිලපිටියට රන්ජන් තර්ජණය කල බවට සාක්ෂි නෑ !

colombotoday

පොලිස් වැටුප 40%කින් ඉහළට !!

colombotoday

රතන හිමියෝ තෙවන දිනටත් අඛණ්ඩ උපවාසයේ !

colombotoday

භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක්

colombotoday

ප්‍රදේශ රැසකට අද වැසි

colombotoday