Colombo Today Local News

“උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන මුවාවෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට අවශ්‍ය නම් නව නීති ගේනවා”

උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන මුවාවෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට නව අණ පනත් හා නීති අවශ්‍ය නම් ඒ සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාට උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(04)දින පැවසීය.

ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදුවන්නේ නම් රටේ ජන ජීවිත හා දේපල ආරක්‍ෂා කිරීමේ වගකීමක් රජයට තිබෙන බව කී ඇමතිවරයා එවැනි ක්‍රියා වැළැක්වීමට අලුත් නීති හෝ සම්මත කළ යුතු නම් එසේ කළ යුතු බව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බව ද සඳහන් කළේය.

ව්‍යවස්ථාදායකයට, විධායකයට නිදහසේ වගකීම් ඉටු කළ නොහැකි තත්වයක් මතුවුණොත් අවශ්‍ය පියවර ගන්නා බව ද ඇමතිවරයා කීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

Related posts

වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කෙරේ

colombotoday

කාලගුණයේ තාවකාලික වෙනසක්

colombotoday

ව්‍යවස්ථාදායක කාරක සභාවට අතිරේක සාමාජිකයෝ

Admin

යතුරුපැදිවලට, කුඩා ලොරි රථවලට බදු සහන දුන් හේතුව ඇගමැති කියයි

colombotoday

ETCA ඉක්මන් කරන්න ඉන්දීය විදේශ ලේකම් එයි.. මෙරට ව්‍යාපාරික අවස්ථා ගැනත් සොයයි !

colombotoday

දුරදිග ගිය ආරවුලක් තරුණයෙකුට මරු කැදවයි

colombotoday