Colombo Today Local News

තවත් ඔටෝ ඩීසල් නැවක් දිවයිනට… තොග ගොඩබෑම අද සිට

තවත් ඔටෝ ඩීසල් නැවක් ඊයේ (25) රාත්‍රියේ දිවයිනට සේන්දු විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ එහි තොග ගොඩබෑම අද (26)දින ආරම්භ කරන බවයි.

මේ අතර ගෙවීම් ප්‍රමාදයක් නිසා ගොඩබෑම ප්‍රමාද වූ සුපිරි ඩීසල් නැව සඳහා මුදල් ගෙවි‍මෙන් පසු තොග ගොඩබෑම ආරම්භ කළ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ය.

අමාත්‍යවරයා පවසන්නේ දැනට පවතින තොග අනුව ඩීසල් සහ පෙට්‍රල් යම් අනුපාතයකට නිකුත් කරමින් ඇති බවයි.

ඉන්ධන බෙදා හැරීම් සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම සඳහා ඛනිජ තෙල් පර්යන්තය අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව ද අදාළ පණිවුඩයේ සඳහන් වේ.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ඉන්ධන පිරවුම්හල්වලින් ඊයේ ඉන්ධන නිකුත් කිරීමක් සිදුවූයේ නැත.

ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල මේ හේතුවෙන් දිගු පෝලිම් පැවතියේ ය.

Related posts

ගෝඨගේ ටී පාටියටත් වඩා වියදම් වුණ අනුරගේ ටී පාටිය

Admin

2018 වසරේ මහවිරු දිනයේදී ඝාතනය කල පොලිස් නිලධාරීන් වෙනුවෙන් පිංකමක්

colombotoday

සතොසත් සහල් අලෙවිය සීමා පනවයි

Admin

සමාජ ජාල අවහිර කිරීම බරපතල මාධ්‍ය මර්දනයක පෙරනිමිත්තක් ? – මාධ්‍ය සංවිධාන රජයට දෙහි කපයි

colombotoday

වැඩ කරන්න බැරි වුණත් ආණ්ඩුව ආපහු දෙන්නේ නෑ… මට ඇමතිකමක් තිබුණාම ඇති

colombotoday

“TOP 10 හොරු ගැන තොරතුරු දුන්නේ ආණ්ඩුවේ අයමයි“ – මහින්දානන්ද

colombotoday