Colombo Today Local News

රනිල් ජනපති වීම රට කැලැඹීමටත් ලේ විලක් දක්වා තල්ලු කිරීමට සමත් වෙයි.. මොළේ කළඳක් හෝ ඇත්නම් ඉල්ලා අස්විය යුතුයි – නීතිඥ සුනිල් වටගල

අගමැති රනිල් වික්‍රමසිංහට මොළේ කළඳක් හෝ තිබේ නම් රට කලඹන්නේ නැතිව වහා ම වැඩ බලන ජනාධිපති ධූරයට කතානායකවරයා පත් කිරීමට ඉඩ දෙන ලෙස නීතිඥ සුනිල් වටගල පවසයි.

ලද ආරංචි මාර්ග අනුව වැඩ බලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීමට සූදානම් වන බව ත් යළි රට කැලැඹීමටත් ලේ විලක් දක්වා තල්ලු කිරීමට එය සමත් වනු ඇති බව ත් ඔහු කීයයි.

කෙසේ වෙතත් ව්‍යවස්ථාවේ 40 (1) වගන්තියට අනුව අගමැතිවරයාට ද ජනාධිපති ධූරය භාරගැනීමට නොහැකි නම්, එය කතානායකවරයාට භාරදීමට ඉඩ දිය යුතු වුව ත් රනිල් වික්‍රමසිංහගේ බලලෝභී හා තනතුරුවලට ඇති කෑදරකම මත යළි රට අනතුරේ නොදැමිය යුතු බව වටගල අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ව්‍යවස්ථාවේ එල්ලී බලලෝභය ප්‍රදර්ශනය නොකළ යුතු සේ ම මේ මොහොතේ ජනාධිපතිවරයා සේ ඔහු ද අනිවාර්යයෙන් ධූරයෙන් ඉවත්විය යුතු බව වටගල කීය.

රනිල් වික්‍රමසිංහ ජනපති ලෙස පත් කළ හොත් එය අරගලකරුවන් ප්‍රමුඛ රටේ ජනතාවගේ අභිලාෂය මුළුමනින් ම බිඳ දමන බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

මංගල – ජෝන් කෙරී ගිවිසුමෙන් ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල අනතුරක !

colombotoday

රංජිත් සොයිසා ශ්‍රීලනිප සංවිධායක ධුරයෙක් ඉවතට

colombotoday

පාසල් සිසුවෙක් දුම්රියක ගැටෙයි

Admin

කොස්තාපල්ගේ ඝාතනයට කාන්තාවක් ඇතුළු 4ක් අත්අඩංගුවට.

colombotoday

ප්‍රාදේශීය පොලීසිවල ක්‍රියාකාරීත්වය ගැන තමන් සතුටු නොවන බව ආරක්ෂක ලේකම් කියයි

colombotoday

ජී.එල්, දිනේෂ්, ඩලස් සහ කෙහෙළිය ගේ අමාත්‍යංශ වෙනස් වෙන හැඩ

colombotoday