Colombo Today Local News

අගමැතිගේ කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

මෙරට කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමට අදාළව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැසිනෝ කර්මාන්තය නියාමනට සඳහා 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත සහ 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත මගින් විධිවිධාන පනවා ඇති අතර, 2010 අංක 17 දරණ පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙනයෑමට බලපත්‍ර දිය යුතු වේ.

එකී පනතේ විධිවිධාන බලාත්මක කිරීමට අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කර නොතිබීම හේතුවෙන් මේ දක්වා එම පනත යටතේ කිසිඳු කැසිනෝ ව්‍යාපාරයකට බලපත්‍ර නිකුත් කර නොමැති බැවින් දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි බදු අයකරගැනීමට අපහසු වී ඇතැයි ද මේ සම්බන්ධයෙන් අගමැතිවරයා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වේ.

එබැවින් එවැනි ව්‍යාපාර නියාමනය කිරීමේ සහ රජයට අය විය යුතු බදු නියමිත පරිදි අයකරගැනීමේ අරමුණින් 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග නිකුත් කිරීමටත්, 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට අවශ්‍ය සංශෝධන හඳුන්වාදීමටත් පියවර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

Related posts

ඇමති පියල්ගේ වැටුප පරිත්‍යාග කරන්න බෑලු

colombotoday

BBC සංදේශයට එරෙහිව දිලිත් ජයවීර ගොනු කළ අපහාස වන්දි නඩුව නිෂ්ප්‍රභයි.

colombotoday

ආසාදිතයන් ගණන 611 දක්වා ඉහලට

colombotoday

ලබන සතියේ පාසල් පැවැත්වීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

අලුත් සිපෙට්කෝ සභාපති වැටුප දෙගුණ කරගෙන?

Admin

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Admin