BusinessColombo Today Local News

විදේශීය ආයෝජකයන්ට අක්කර 5000ක ඉඩම්, රවී ඉන්දියාවේ හින්දු පුවත්පතට කියයි

විදේශීය ආයෝජකයන්ට මෙරට ව්‍යාපෘති සිදුකිරීම සඳහා උපරිම වශයෙන් අක්කර 5000 දක්වා ඉඩම් ලබාදිය හැකි බව. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා ඇත. ඉන්දියාවේ හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකට සහභාගිවෙමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ විදේශීය ආයෝජන සඳහා මෙවර අයවැයෙන් ඇතැම් නීතිරීති ලිහිල් කිරීමට පියවර ගෙන ඇති බවයි. ශ්‍රමය වැඩි වශයෙන් යොදා ගැනෙන රැකියා ජනනය කරන ව්‍යාපෘති සඳහා මෙහිදී වැඩි අවධානය යොමුවන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

මීට පෙර විදේශ ආයෝජන සඳහා දැඩි බදු රීති පනවා තිබූ බවත්, අමාත්‍යවරයා පවසා ඇත. මෙවර අයවැය යෝජනාවලට අනුව විදේශිකයන්ට මෙරට ඉඩම් සඳහා සියයට සීයක බදු නොගෙවා ආයෝජන ව්‍යාපෘති ආරම්භ කළ හැකියි. ඔවුන්ට මෙරට ඉඩම් සින්නක්කර ලබාගැනීමේ හැකියාවක් නැහැ. එහෙත් සක්‍රීය ආයෝජන සඳහා අනූ නම වසරක බද්දට එලෙස ඉඩම් ලබාගත හැකි බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර ඇත.

විදේශීය ආයෝජන සැළකූ විට රජය විවිධ ක්‍ෂේත්‍රයන් හඳුනාගෙන තිබෙනවා. ඒ සෑම ක්‍ෂේත්‍රයක්ම ඇමරිකානු ඩොලර් මිලියන 2 ට වැඩි ශක්‍යතාවක් සහිත ක්‍ෂේත්‍රයන් බව මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත. රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව සිදුකළ ව්‍යාපෘති සඳහා විදේශීය ආයෝජකයන්ට එක්විය හැකිදැයි හින්දු මාධ්‍යවේදියා මෙහිදි මුදල් අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කර ඇත. ඊට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා පවසා ඇත්තේ පෞද්ගලික යන්නෙන් දේශීය හා විදේශීය ආයෝජකයන් නිර්වචනය කෙරෙන අතර, පොදු ව්‍යාපෘති ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණක් සීමාවන බවයි.

Related posts

අත්අඩංගුවට ගත් අක්මීමන දයාරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට..

colombotoday

අශ්වයින් පත්කරන්න බූරුවන්ට නාමයෝජනා දීලා වැඩක් නෑ….

colombotoday

20 සිට ත්‍රීරෝද රථ සඳහා ටිකට්පතක්

colombotoday

විජේකලාගේ කොටි ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ කලබලය ගැන කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

බිත්තර ආනයනයට අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Admin

කාන්තන්කුඩි ආයුර්වේද රෝහලේ ප්‍රධාන වෛද්‍ය ජලල්දීන්ගෙන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම්

colombotoday