Colombo Today Local News

ඖෂධ හිඟය සති 6 කින් අවසන් කරන බවට සෞඛ්‍ය ඇමතිගෙන් සහතිකයක්..

දිවයින පුරා රෝහල්වල පවතින ඖෂධ හිඟය ඉදිරි සති 6 ඇතුළත සම්පුර්ණයෙන්ම මගහරවා ගැනීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

ඖෂධ ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට ලැබී ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14 ක් මේ වනවිට අවශ්‍ය ප්‍රමාණයටම පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය.

කෙසේවෙතත් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තවත් ඖෂධ වර්ග 186 ක හිඟයක් ඇති බවයි.

එම ඖෂධ වර්ග ද කඩිනමින් ගෙන්වා ගන්නා බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Related posts

ශ්‍රී ලංකන් ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් කමිටුවක්… සභාපති ඉරාන්…

colombotoday

හකීම්ගේ ජාතිවාදී රෙද්ද නාවලපිටියේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් ගලවා දමයි (Video)

colombotoday

කුරුණෑගල කටුපොතට පිවීසීම අවහිර කරයි

colombotoday

බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

Admin

රත්නපුරටත් අධිවේගයක්.. අරමුදල් චීනයෙන්

colombotoday

පොල් අර්බුදයට කදිම විඳුමක් ජංගම රථ මගින් පොල් බෙදීමට ‍රජය සූදානම්

Admin