ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම ආණ්ඩුව බෙදුම්වාදයට යටත් වීමක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුම්මිල් මහතා මේ පිළිබදව අදහස් දක්වමින්,
‘’මෙවර ජාතික නිදහස් උළලේදී ජාතික ගී දෙකක් ගායනා කිරීම ජාතික සංහිදියාව ඇතිවීමක් නොව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පැහැදිලි ලෙසම බෙදුම්වාදයට යටත් වීමයි.”
”එමෙන්ම ඒ බෙදුම් වාදීන්ගේ උවමනාව අනුව ෆෙඩරල් රාජ්‍ය බිහි කිරීමේ පළමු පියවර මේ හරහා ඔවුන් තැබුවා,තවත් ඉතිරිව ඇත්තේ ඊළාම් ධජය සහ ඊළාම් ජාතික රාජ්‍යයත් මේ රට තුළ පිළිගැනීම පමණයි’’