ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගමෙන් කරුණු විමසීමට පියවර ගෙන ඇතැයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.
මිල වැඩි කිරීම සිදු කළේ කුමන පදනමකින් ද යන්න ලාෆ්ස් ගෑස් සමාගමෙන් කරුණු විමසන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දුන් බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
ඉදිරි සතියේදී ඇතැම් අතවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් පාලන මිලක් පැනවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.