Colombo Today Local News

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග 3ක් අල්ලයි

කිලෝ එකකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120 ක් සමග පළමු සැකකරු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 157 ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබිණ.

පසුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 157 ක් සමග අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, දෙවන සැකකරු කළ අනාවරණයකට අනුවයි.

අත්අඩංගුවට ගත් මීගමුව සහ කොළඹ 12 ප්‍රදේශවල පදිංචි අදාළ සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ඉන්ටවල් ඉවරයි… තනතුරු නැතිව බෑ… මුස්ලිම් ඇමතිලා එන සතියේ යළි දිවුරයි !

colombotoday

ජනපති පුත් දහම්ගේ උපන් දිනයට රුවන්වැලි මහ සෑයට නෙළුම් මල් ලක්ෂයක පූජාවක්…

colombotoday

අගමැතිධූරය ගැන නිවේදනයක්

colombotoday

“ඒක එතුමගෙ පුද්ගලික මතය පමණයි“.. සුජීව ජනපතිව හෑල්ලුවට ලක්කරයි !

colombotoday

RMV සතියට දවස් දෙකක් වැඩ නෑ

colombotoday

ඔක්තෝබර් මසයේ රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට

Admin