Uncategorized

කොටගල නගරයේ භූමිතෙල් පෝලිම කිලෝමීටර් දෙකක දුරකට

භූමිතෙල් ලබා ගැනීම සඳහා කොටගල නගරයේ ඉන්ධනහල අසල කිලෝමීටර් දෙකක පමණ දුරකට ජනතාව අද (27) පෝලිම්වල රැදී සිටින අයුරු දැක ගන්නට ලැබුණි.

කොටගල නගරයේ ඉන්ධනහල අසල සිට පැවැති මෙම පෝලිම කොටගල නගරයේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය දක්වාම දික්ව පැවැතිණි.

වතු කම්කරු ජනතාව හා සෙසු පිරිස් මෙසේ පෝලිම්වල රැදී සිටි අතර, ඔවුන් පෝලිමේ දිගු වේලාවක් රැදී සිටිම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටියහ.

එක් අයෙකුට භූමිතෙල් ලීටර් 10 ක් ලබා දෙන පැවැසුවද එය ලීටර් 05 ට සීමා කොට ඇති බවත්, මෙම දිගු පෝලිමේ සිට ඉන්ධනහල අසලට යනවිට භුමිතෙල් නොමැතිවීමට පවා ඉඩ ඇතැයි පෝලිමේ සිටි ජනතාව පැවැසුහ.

භූමිතෙල් පෝලිමේ සිටි ජනතාව රජයට හා ජනාධිපතිවරයාට විවිධ දෝෂාරෝපණය කරමින් සිටි අතර, පෝලිම්වල සිටි වයසක පිරිස් දැඩි අපහසුතාවයට ලක්ව සිටියහ.

ක්‍රිෂාන්තන්

Related posts

ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?

colombotoday

පුටින්ගේ සහය කමලා හැරිස්ට

Admin

මහා මැතිවරණයට රතන හිමිට පොහොට්ටුවෙන් නාම යෝජනා නෑ !

colombotoday

Isha Dolly

colombotoday

රිෂාඩ් බදියුදීන් හොර සංවිධානයක් හරහා රජයේ මුදල් ගසාකෑමේ සූදානමක…

colombotoday

ඊශ්‍රාලය විසින් දකුණු ලෙබනනය වටලයි

Admin