Colombo Today Local News

ජනපති කිසිසේත්ම ඉල්ලා අස්වෙන්නේ නැහැ – ජොන්ස්ටන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත් ඉල්ලා අස් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේ, රට තුළ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

ඔහු අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේ, ජනාධිපතිවරයාට හැටනව ලක්ෂයක් ඡන්දය දී ඇති බවත් තත්ත්වයට මුහුණ දෙනවා මිස ජනාධිපතිවරයා කිසිසේත් ඉල්ලා අස් නොවන බවත් ය.

මේ අතර නලින් බණ්ඩාර මහතාගේ අදහස් දැක්වීමත් සමග ඇති වූ සංවාදාත්මක තත්ත්වයක් සමග කතානායකවරයා පාර්ලිමේන්තුව පෙර විනාඩි 10 කට කල් තැබීමට ද පියවර ගත්තේ ය.

Related posts

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට අවසර

colombotoday

තොටළඟ ගින්න බලන්න ගිය මුජිබර් රහුමාන්ට ජනතා විරෝධය

colombotoday

ඥානසාර හිමි සමග උඩුනුවර ආසනයේ පැවති භික්ෂු රැස්වීමකට පොලිස් බලපෑම්

colombotoday

අදත් කලාප 23කට විදුලි කප්පාදුවක්

colombotoday

හැසිරීම අනුමත කරන්න බෑ… එක තරගයක් දින්න කියල ඔහොම දඟලන්න අවශ්‍ය නැහැ

colombotoday

“රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් එපා… වැඩිය දැගලුවොත් ඇමති පට්ටමත් නෑ” – සනත් නිශාන්තට අනතුරු ඇගවීමක් !

colombotoday