Colombo Today Local News

“මිරිහානේ සිදුවීමේදී ජනාධිපතිතුමා පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කළේ..”

ඊයේ (31)දින නුගේගොඩ, මිරිහානේ සිදුවීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැකි තරම් ඉවසිලිමත්ව කටයුතු කරනු ලැබූ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සාමකාමී උද්ඝෝෂකයින්ට උද්ඝෝෂණය කර යාමට ඉඩ දී පොලීසියට හෝ හමුදාවට ඊට මැදිහත් නොවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් අලුයම 1, 2 පමණ වන තෙක් උද්ඝෝෂණය සාමකාමී මට්ටමේ පවත්වා ගෙන ගිය බවත් පසුව උද්ඝෝෂකයින් පෞද්ගලික, රාජ්‍ය දේපළ විනාශ කිරීමට ක්‍රියා කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අවසානයේ අවම බලය භාවිත කර උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට ජනාධිපතිතුමාට සිදුවූ බව අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව අවම බලය යොදාගෙන උද්ඝෝෂකයින් විසුරුවා හැරීම තුළ පැය භාගයක් ඇතුළත උද්ඝෝෂණය පාලනය කිරීමට හැකි වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Related posts

වසරේ හොදම ප්‍රබන්ධයට හිමි සම්මානය පොලීසියට දෙන්න ගම්මන්පිල යෝජනා කරයි

colombotoday

NSBM වලටත් වෛද්‍ය පීඨයක්

Admin

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අසත්‍ය කරුණු මත පදනම් වූ එකක් – රුසියානු ජනපති පුටින්

colombotoday

නව ව්‍යවස්ථාව අවසන් අදියරේ… කෙටුම්පත ළගදීම පාර්ලිමේන්තුවට… තීරණාත්මක සාකච්ඡාවක් මේ සතියේ

colombotoday

ඇමතිකම්වලි ඉවත් වෙන්නෑ.. ආණ්ඩුවෙන් යන්නෙත් නෑ – අගමැතිට එරෙහිව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමතිලා කියයි

colombotoday

රාජිත ට සිතාසි

colombotoday