Colombo Today Local News

ඉන්ධන නැතිව පිරවුම් හල් වැසෙයි

ඩීසල් සහ පෙට්‍රල් හිඟය හේතුවෙන් කොළඹ ඇතුලු බොහෝ ප්‍රදේහවල ඉන්ධන පිරවුම් හල් බොහෝමයක් අද(29) දිනයේ වසා දමා තිබේ

විවෘතව තැබූ ඉන්ධන පිරවුම්හල් අසලත් ඩීසල් වලට අමතරව පෙට්‍රල් මිලදී ගැනීම සඳහාද දිගු පෝලිම් තිබුණි.

ඊයේ පස්වරුව වනවිටත් කොළඹ සහ පිට පලාත් වල බොහෝ ඉන්ධන පිරවුම් හල් වලට ඩීසල් සහ පෙට්‍රල් නොලැබුන බවද වාර්තා වේ.

ඉන්ධන හිඟය තවදුරටත් පවතින අතර ඉන්ධන පිරවුම්හල් රැසක ඩීසල් හා පෙට්‍රල් නැත යනුවෙන් සඳහන් පුවරු දැක ගත හැකිවිය.

ජනතාව බූලි සහ කෑන් රැගෙන පැය ගණන් දිගු පෝලිමි වල රැදී සිටිනුද දක්නට ලැබිණ.

ඇතැම් ඉන්ධන පිරවුම් හල් වලින් බෝතල් සහ කෑන් සඳහා ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා තිබීම හේතුවෙන් විදුලි ජනන යන්ත්‍රා, කෘෂි උපකරන යන්ත්‍ර රැගෙන ජනතාව පෝලිම්වල සිටිනු දක්නට ලැබිණ.

ඉන්ධන මිලදී ගැනිමට පැමිනෙන ජනතාව අතර උණුසුම් වචන හුවමාරු වන අයුරුද දක්නට ලැබේ.

මෙම තත්වයන් සමනය කිරීම සඳහා පොලීසියට අමතරව යුධ හමුදාවද යොදවා සිටිනු දක්නට ලැබිණ.

ඩීසල් සහ පෙට්‍රල් වලට අමතරව භූමිතෙල් මිලදී ගැනීම සඳහාද ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබිණ.

Related posts

සමනළවැව ජලාශයෙන් ජලය දෙන්න යෝජනා කැබිනට් මණ්ඩලයට

Admin

ජන බලවේගයට තවත් දෙදෙනෙක්

Admin

‘මව්බිමෙන්‘ කෑල්ලක් මහරාජාට විකුණයි !

colombotoday

OIC ගේ මුව ආවරණය ගලවන්න ගිය රැප් ගායකයාට වැඩ වරදී…

colombotoday

යුක්තිය ඉල්ලන කාදිනල් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් කරන්න අත්සන් කරලා.- පනත ඉවත්කලොත් පාස්කු සැකකරුවන් නිදහස්.

colombotoday

ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර CIDයට

Admin