Colombo Today Local News

ඉන්දියාව සමග ගිවිසුම් 06 කට අත්සන් තබයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ද්වීපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 06 කට අත්සන් තබා තිබේ.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ, විදේශ අමාත්‍යංශයේදී ඊයේ(28)දින අදාළ ගිවිසුම් සඳහා අත්සන් කළ බවයි.

ඒ අනුව ඩිජිටල් අන්‍යනතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම,

සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ඇති කිරීම,

යාපනයට ඔබ්බෙන් වූ දූපත් 03ක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා තිබේ.

විදේශ අමාතයංශය පැවසුවේ, ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම,

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක පරිගණක විද්‍යාගාර පිහිටුවීම සඳහා වන ගිවිසුම්වලට ද අත්සන් තැබූ බවයි.

මීට අමතරව සුශ්මා ස්වරාජ් විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ තාන්ත්‍රික පුහුණු ආයතනය අතර ද අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

Related posts

බිත්තර මිල යලි ඉහළට

Admin

කැලණියේදී අන්තරේට ප්‍රහාරයක්

colombotoday

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි

colombotoday

පොලිස් පොලු හරඹ වලට එරෙහිව ජපුර සිසුන් විරෝධතාවක, පාරවල් අවහිරයි.

colombotoday

හිරුණිකාට එරෙහි නඩුව ජුනි 7 දා විභාගයට ගනී

colombotoday

ශ්‍රීලනිප ය විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවයි

colombotoday