Colombo Today Local News

උතුරු පළාතේ සංවර්ධනය සදහා ආයෝජනයට ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උපලේකම් වික්ටෝරියා නුලන්ඩ් ඊයේ(23) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය.

ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

සර්ව පාක්ෂික සමුළුවේ දී ඉදිරිපත් වූ කරුණු සහ එහි ප්‍රගතිය මෙන්ම දෙමළ ජාතික සන්ධානය සමඟ හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ද මෙහි දී ජනාධිපතිවරයා විසින් උපලේකම්වරිය දැනුවත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කර ඇති ඇය කැනඩාව, ඇමරිකාව සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමඟ සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම ද පෙන්වා දී ඇති බව සඳහන්.

එමෙන්ම, ජනාධිපතිවරයා එහි දී සඳහන් කර ඇත්තේ තමන්ද ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවන බවයි.

උතුරු පළාතේ සංවර්ධනය සඳහා ආයෝජනයට ඔවුන්ට ඇරයුම් කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ඇමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වාදීමටත්, සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහය ලබාදීමටත් ඇය මෙහි දී එකඟතාව පළ කර ඇත.

මේ අතර ජනාධිපතිවරයා ඇයගෙන් ඉල්ලා ඇත්තේ, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් විදුලිය උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහාය වන ලෙසට යි.

Related posts

ගල්නෑව නෑගම සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට වහබ්වාදීන්ගෙන් දිගින් දිගටම කරදර

colombotoday

යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගැන තීරණයක්

Admin

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රුසියානු සම්බාධකයක්‌. අවිආයුධ මිලට ගැනීමත් තහනම්.

colombotoday

පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පහර දුන් 18ක් අත්අඩංගුවට

colombotoday

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘතයි.. 185ක් අද මත්තලට

colombotoday

ඌව මහ ඇමති භික්ෂූවකට තිත්ත කතාවෙන් බැණ එළියට තල්ලු කරදමයි.. විඩියෝව මෙන්න

colombotoday