Colombo Today Local News

බහාලුම් ප්‍රවාහන රථ 4000 ක් ධාවනයෙන් ඉවතට.. ආහාර, ඖෂධ ප්‍රවාහන සේවා සම්පූර්නයෙන්ම ඇන හිටී.

ඩීසල් නොමැති වීමෙන් බහාලුම් ප්‍රවාහන රථ 4000 ක් පමණ තවදුරටත් ධාවනය නොවන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන් රටට එදිනෙදා අවශය ආහාර, ඖෂධ ආදී භාන්ඩ ප්‍රවාහන සේවා සම්පූර්නයෙන්ම ඇන හිට ඇතැයිද මංජුල මහතා කියයි,

බහාලුම් ප්‍රවාහන රථ 6000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතත් ඉන් ධාවනය වන්නේ 2000කට ආසන්න ප්‍රමාණයක් බවද ඔහු පවසයි.

ධාවනය වන බහාලුම් ප්‍රවාහන රථ ධාවනය වන්නේද කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් බැවින් පිට පළාත් සඳහා බාණ්ඩ ප්‍රවාහනය ගැටලුවක් වී ඇතැයිද හෙතෙම කියයි.

ආනයන සහ අපනයන භාණ්ඩු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම බහාලුම් ප්‍රවාහන රථ මගින් සිදුකරන බැවින් එම සේවාවන් වලටද විශාල බාධාවක් එල්ල වී ඇතැයිද ඔහු සදහන් කර සිටි.

Related posts

හරීන් අත්අඩංගුවට ගත්තොත් හිරේ යන්න සජිත් සූදානම්

colombotoday

කඳුළු ගෑස් උණ්ඩ සොරකම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

කොවිඩ් -19 වැළඳී මියගිය විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි

colombotoday

චන්ද්‍රිකාගේ සමග වෙල්ගමත් එක්වෙයි… මහ සමුළුවක් තියා සජිත්ට සහය පල කරන්න යයි !

colombotoday

“සංවර්ධන මැෂිම මමයි… සියළු දෙනාම ප්‍රකෝටිපතියන් කරනවා” – සජිත්

colombotoday

සිගරට් මිළ අද මැදියමේ සිට ඉහළට…

colombotoday