Colombo Today Local News

තවත් ගුවන් පාලම් 4ක් ඉදිකිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

නව ගුවන් පාලම් 4ක් ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

හංගේරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් මුල්‍ය සහයෝගිතාව මත නව පාලම් ඉදිකිරීමට නියමිතය.

මුත්තොට්ටුගල දුම්රිය හරස් මාර්ගය හා හිරිපිටිය හන්දිය, පස්යාල මංසන්ධිය, මීගමුව මාරිස්ටෙලා මංසන්ධිය සහ තලවතුගොඩ මංසන්ධිය ට එම නව පාලම් ඉදිරි කිරීමට යෝජනා වී තිබේ.

වාහන තදබදයට විසඳුමක් ලෙස එම පාලම් ඉදිකිරීමට නියමිතය.

හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මුල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව හා එම රජය අතර ඇති කර ගත් මුල්‍ය සහයෝගිතාවය මත මේ වනවිට කොහුවල හා ගැලඹේ ගුවන් පාලම් ඉදිකෙරෙමින් පවතී.

Related posts

ගාල්ල, ඉමදුව කඳුල වැඩසටහන පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

අසාද් සාලිට, මුස්ලිම් කවුන්සිලයට බොදු බලෙන් අභියෝගයක් !

colombotoday

පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධියට පොලීසියේ තුනක් අත්අඩංගුවට

Admin

උඩරට මාර්ග රැසකට පස් කඳු කඩා වැටෙයි

Admin

අවුරුදු තුනහමාරක දැරියක් කොරෝනා වෛරසයෙන් මිය යයි.

colombotoday

බ්‍රිතාන්‍ය ඇමති ළග තබාගෙන විග්නේශ්වරන් හමුදාවට බැනවදී, ආක්‍රමණික හමුදාවක් බව කියයි!

colombotoday