Colombo Today Local News

අවුරුදු තුනහමාරක දැරියක් කොරෝනා වෛරසයෙන් මිය යයි.

කොරෝනා ආසාදනය වී නිවසේ නිරෝධායනයට යොමුකර සිටි වයස අවුරුදු තුනහමාරක දැරියක් පසුගිය 04වනදා උදෑසන කරාපිටිය රෝහලට ඇතුළුකරන විට මියගොස් සිටි බව වෛද්‍යවරු පවසති. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි දැරියකි.

දේහය සම්බන්ධ මරණ පරීක්ෂණය සිදුකළ ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසන්නේ මෙම දැරිය ලියුකේමියා රෝගයෙන් පෙළෙමින් සිටි බව ද මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ බවයි. මීට වසර දෙකකට පමණ පෙර ඇයට ලියුකේමියා රෝගය තිබෙන බව හඳුනාගෙන ඇති අතර ඉන් පසු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබා තිබේ.

පසුව කරාපිටිය පිළිකා ඒකකයෙන් දිගටම සායනික ප්‍රතිකාර ලබාගෙන ඇති අතර දැනට දින කිහිපයකට පෙර රෝගාතුර වීම හේතුවෙන් කරාපිටිය පිළිකා ඒකකයට ඇතුළත් කර තිබිණි. එහි දී කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ එම දැරිය කොරෝනා ආසාදිත බවයි. අනතුරුව ඇය නිවසේ දී රැකබලාගන්නා ලෙස දැනුම් දී පිටත්කර යවා ඇත. දැරිය අසාධ්‍ය තත්වයට පත්වූ බැවින් නැවත කරාපිටිය රෝහලට ගෙනවිත් ඇති අතර වෛද්‍යවරු පවසන්නේ ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි.

මේ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මියගේ නිගමනය වූයේ ලියුකේමියා රෝගී තත්වය සමඟ කොරෝනා නිව්මෝනියාව ආසාදනය වීමෙන් දැරිය මියගොස් ඇති බවයි.

Related posts

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක්

colombotoday

වරාය ගිවිසුම ස්ථීරයි.. අර්ජුණගේ වරාය ඇමතිකම අනතුරේ !!

colombotoday

LTTE මිලේච්ඡත්වය ගැන මෙතෙක් ලොවට හෙළි නොවුණු කතාවක් !

colombotoday

“භාණ්ඩ හා මිල පාලනයට සම්ප්‍රදායික මෙවලම් ප්‍රමාණවත් නොවේ.”

colombotoday

ඇමති දයා ලන්ඩනයේදී රනිල් හමුවෙයි

colombotoday

මතභේදාත්මක ත්‍රස්ත විරෝධී පනත අද පාර්ලිමේන්තුවට

Admin