Colombo Today Local News

බාදක හමුවේ පසු නොබැස “එක රටක් එක නීතියක්” ස්ථාපිත කිරීමේ වගකීම ඉෂ්ඨ කරන්න – ගැටඹේ නා හිමියන්ගෙන් ඥානසාර හිමියන්ට ආශීර්වාද

බාදක හමුවේ පසු නොබැස “එක රටක් එක නීතියක්” ස්ථාපිත කිරීමේ වගකීම ඉෂ්ඨ කරන්න යැයි අනුශාසනා කරමින් ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියෝ “එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු එම කාර්ය සාධක බලකායේ සාමාජික මහත්ම මහත්මීන්ට ආශීර්වාද කළහ.

“එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇතුළු එම කාර්ය සාධක බලකායේ සාමාජික මහත්ම මහත්මීන් ඊයේ (25) සවස ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයට පැමිණ කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියන් බැහැ දකින ලදි.

වසර ගණනාවක් තුල රටේ ඇතිවූ ප්‍රශ්න අනාගත පරම්පරාව වෙත උරුම කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපතිවරයා විසින් මෙම කාර්ය සාධක බලකායේ සභාපතිධුරය ලබා දීම ඉතාම කාලෝචිත බවත් ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියෝ වැඩිදුරටත් පැවසුහ.

Related posts

නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

colombotoday

එම්.කේ.ඩී.එස් ගේ ඉඩම් ඇමති කම ජෝන්ට යයි!

colombotoday

සිවාජිලිංගම් ඇතුළු පිරිසක් මණ්ඩතිව් කඳවුර මනින්න ආ මිනින්දෝරුවරු එලවා දමති

colombotoday

දූෂණය පරාජයට ඇති හොඳම ආයුධය රටවැසියා එය නොඉවසීම – ජනපති

colombotoday

කුරුවිට SI ගේ දේහය නිවසට නොගෙනම මිහිදන් කරයි.

colombotoday