Colombo Today Local News

රු‍. 6000සේ විස්කි බෝතලේ රු. 1500ට රේගුවේ

රේගුව රාජසන්තක කරනු ලබන විස්කි බෝතල් රේගු නිලධාරීන් මේ දිනවල ඉතා අඩු මුදලකට බෙදා ගන්නා බව රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

රේගුවේ කාර්යාල කාර්ය සහයකයාගේ සිට ඉහළ තනතුරු හොබවන නිලධාරීන් දක්වා විස්කි බෝතල් මෙම නත්තල් සමයේදී බෙදා ගන්නා බව අනාවරණය වේ.

රාජසන්තක කරනු ලබන විස්කි බෝතල් අඩු මුදලකට අලෙවි කිරීම රේගුව තුළ කාලාන්තරයක් තිස්සේ සිදුවූවත්, ඒ පිළිබඳව කිසිඳු බලධාරියෙකු අවධානය යොමුකර නැතැයිද පැවසේ.

රුපියල් 6000 ක් හෝ ඊට වැඩි වටිනා කමිකින් යුතු විස්කි බෝතලයක් රුපියල් 1000 ත් 1500 ත් අතර මුදලකට රේගු නිලධාරීන් බෙදා ගනු ලබන බව රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මේ පිළිබඳව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත අයි සිල්වා ගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ රාජසන්තක කරනු ලබන විස්කි ඇතුළු බෝතල් එහි සාමාන්‍ය වටිනාකමට උත්සව සමයේදී රේගුවේ අභ්‍යන්තර සේවකයන්ට සුබ සාධන ක්‍රියාවලියක් යටතේ ලබාදෙන බවත්,ඉන් රජයට ආදායමක්ද ලැබෙන බවය.

  • අරුණ-

Related posts

විපක්ෂ නායක කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයින් 10කට කොරෝනා

colombotoday

2023 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අනුමැතිය

colombotoday

රට පුරා අදත් තෙල් පෝලිම්.. නැව එන්නේ 09 වැනිදා !

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙනුත් නිවේදනයක්

colombotoday

අභියාචනාධිකරණ තීන්දුව ගැන මහින්දගෙන් විශේෂ නිවේදනයක්….

colombotoday

අතුරුදන් පනතට අපි ගෙනා සංශෝධනත් කුණු කූඩයට දමලා – ජවිපෙ

colombotoday