Colombo Today Local News

නිකවැරටියේ නිවසකත් ගෑස් ටැංකියක් පුපුරයි.

නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ 26 දහවල් ගෑස් ටැංකියක් පිපිරී යාමෙන් එම නිවස ගිණිගෙන දැඩි හානි සිදුව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

ගෑස් ටැංකිය පිපිරීම සිදුවන අවස්ථාවේ නිවසේ මව සහ,පියා කුඹුරට ගොස් සිට ඇති අතර වැඩිමහල් දරුවා පාසලටද ,දෙවනි දරුවා ඥාති නිවසකද සිටීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කරයි.

ගෑස් ටැංකිය පිපිරී යාමෙන් ඇති වූ ගිණි ගැණීමෙන් නිවසට සහ නිවසේ දේපල වලටද හානි සිදුව ඇති.බවද ,මෙම ගෑස් ටැංකිය පිපිරී ගියේ ගෑස් කාන්දුවකින්ද ,වෙනත් හේතුවකින්ද යන්න.පිළිබඳව වැඩිදුරටත් අදාල අංශ සමග පොලීසිය පරීක්ෂණ කෙරේ.

Related posts

ගොවීන්ගේ මාරාන්තික උපවාසය අවසන්.. සත්‍යග්‍රහය අඛණ්ඩව

colombotoday

ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරුවකට ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් අත්සන් කරයි

colombotoday

මෛත්‍රී – පූටින් හමුව 23 දා

colombotoday

ජාතිවාදය,ආගම්වාදය විසබීජයක්… දේශපාලන විසබීජ ඉවත් කළ යුත්තේ ජනතාවයි

Admin

ඉදිරි මාස 4ටත් කථානායක කරු !

colombotoday

භූමිදානය අවශ්‍යනම් කලයුත්තේ පාරේ උද්ඝෝෂණ රංගන දැමීම හෝ අමාත්‍ය ධුර අවභාවිතා කරමින් වංගු ගැසීම නොවෙයි.

colombotoday