Colombo Today Local News

ඉල්ලා අස්කර ගත් රාජපක්ෂලාගේ නඩු ගැන විමසන්න සජබේ මන්ත්‍රීවරු පිරිසක් අල්ලස් කොමිසම ට යයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අද (08) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ සිටියේය.

ඒ අල්ලස් කොමිසම මඟින් පසුගිය කාලය තුළ ඉල්ලා අස්කරගත් නඩු පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත අනුව තොරතුරු දැනගැනීම සඳහා ය.

අල්ලස් කොමිසම වෙත පැමිණි මන්ත්‍රීවරු තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලිපියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දී අදාළ තොරතුරු ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටි සමගි ජන බලවේගයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා,

“අල්ලස් කොමිසමක් හදලා තියෙන්නේ අල්ලස් ගත්ත අයට නඩු පවරලා දඬුවම් දෙන්න. හැබැයි දැන් මේ අල්ලස් කොමිසමෙන් සිදුවන්නේ ඊට විරුද්ධ දේ. ඒ කියන්නේ අල්ලස් අරගෙන අල්ලස් කොමිසමෙන් අල්ලස් ගත්ත රාජපක්ෂ ආණ්ඩුවට හිතවත් මැති ඇමතිවරු,හිටපු සභාපතිවරු සියලුදෙනාගේ නඩු ඉල්ලා අස්කර ගන්න එක තමයි කරන්නේ. අල්ලස් කොමිසමේ අපි දන්න තරමට ඒක නෙමෙයිනේ. හොරු ටික අල්ලලා ඇතුළට දාලා මේ ස්වාධීනත්වය ඉදිරියට ගෙන යන එක නෙමෙයි වෙන්නේ, අල්ලස් කොමිසම අද රාජපක්ෂ ආණ්ඩුවට හිතවත් අයගේ නඩු ටික ඉල්ලා අස්කර ගෙන තාක්ෂික දෝෂ කියනවා. එහෙම තත්ත්වයක් තියෙනවා නම් එය නිවැරදි කරලා නැවත නඩු දාන්න ඕනේ. මෙය මෙරට මුළු මහත් ජනතාවගේ ම අයිතිය උල්ලංඝනය කිරීමක්. පාර්ලිමේන්තුවෙන් පනතක් ඇති කරලා, අල්ලස් කොමිසමට බලය ලබාදීලා තියෙන්නේ ඒ රාජකාරිය ස්වාධීනව ඉටුකරන්න.”

Related posts

ශ්‍රී ලාංකිකයන්ගේ භාවිතයට තවම අවසර නැති සීනෝෆාර්ම් එන්නත් මාත්‍රා 600,000 ක් හෙට දිවයිනට

colombotoday

“ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අධිකරණයක් ඕනෑ“ – UN ජිනීවා කොමිසමට නැවත යෝජනාවක් ගෙනෙයි

colombotoday

ශෂ්‍යත්ව විභාගය අහෝසි කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්…

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනය කිරීමේ කමිටුව පිළිගන්නේ නැහැ

colombotoday

සිවාජිලිංගම්ගෙන් මහ ජාතියට අභියෝග.

colombotoday

අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය කැප කිරීමට සූදානම් නෑ

colombotoday