Colombo Today Local News

සජිත්, රන්ජන් බලන්න හිරේට යයි

රංජන් රාමනායක මහතා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ නොසිටීම විශාල අඩුපාඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වංචාවට, දූෂණයට, අල්ලසට එරෙහිව කවදත් ඉදිරියෙන්ම සිටි රංජන් රාමනායක මහතා ඉතා ඉක්මනින් නිදහස් වියයුතු බව සියලු දෙනාගේම ප්‍රාර්ථනය බවත් විපක්ෂ නායකවරයා සදහන් කරයි.

අගුනකොලපැලස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (26)දින පැමිණි විපක්ෂ නායකවරයා ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසීය.

රංජන් රාමනායක මහතාට එරෙහිව කිසිදාක මුල්‍ය චෝදනාවක්, අල්ලස් චෝදනාවක්, මහජන දේපල සොරකම් කළ චෝදනාවක් එල්ල වී නැති බවත්, තමන් ළඟ ඇති දේ පවා මහජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළ මානවවාදියෙකු බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ නොනවතින උවමනාවක් රංජන් රාමනායක මහතා තුළ පැවැති බවත්, බොහෝ ව්‍යසන අවස්ථාවන්වලදී රංජන් රාමනායක මහතා දෙවරක් නොසිතා ජනතාව වෙනුවෙන් පෙරට ආ බවත් හෙතෙම සඳහන් කළේය.

රංජන් රාමනායක මහතා උසස් අධ්‍යාපනය හදාරා උපාධියක් ලබා ගැනීමේ අරමුණ ඇතිව කටයුතු කරන බවත්, එතුමාට ඊට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරදීම මානුෂිකත්වයේ නාමයෙන් කළයුතු දෙයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සානුකම්පිත, මානුෂීය සහ සෞඛ්‍යමය කාරණාද මුල්කොටගෙන රංජන් රාමනායක මහතා වෙනුවෙන් මැදිහත් වන ලෙස අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් තමන් කිහිප වතාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවත් පැවසූ විපක්ෂ නායකවරයා එම ඉල්ලීම් ප්‍රකාරව රංජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ජනාධිපතිවරයා කඩිනම් තීන්දුවක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බවද පැවසීය.

හිටපු පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

Related posts

කොරෝනා වැළදුණු ලාංකිකයා අවසන්වරට ආ ගිය තැන්, නැවතුණු හෝටල් විස්තරය මෙන්න !

colombotoday

පෝලිම් හදපු පිරවුම්හල්වල බලපත්‍ර අහෝසි කරනවා… ඉන්ධන ඇති තරම් තියෙනවා – ඇමති කංචන දනුම් දෙයි

Admin

ශීඝ්‍රගාමි දුම්රියක කාර්මික දෝෂයක්… ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

“ෆේස්බුක් වැඩවලට නඩු බෑ“

colombotoday

අධිකරණයට අපහාස කළ අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත තවත් සිරදඬුවමක්

Admin

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් එන අය දින 14ක් නිරෝධායනයට

colombotoday