World

2021 වසරේ ලොව ආරක්ෂිතම නගරය

ඕනෑම පුද්ගලයෙක් කුමන හෝ රටකට හෝ නගරයක සංචාරය කිරීමට අදහස් කරයි නම් ඔහු පළමුව සොයාබලනු ලබන්නේ ආරක්ෂාව ගැන ය.

විශේෂයෙන්ම දැනට ලොව පුරා ඇති වසංගත තත්ත්වය හේතුවෙන් යම් ස්ථානයක “ආරක්ෂාව” පිළිබඳ ව කෙරෙන විග්‍රහය වෙනස් වී ඇති බව නොරහසකි.

ආරක්‍ෂිත නගර දර්ශකය මගින් ජාත්‍යන්තර නගර 60ක් වර්ගීකරණය කර තිබේ. ඒ, ඩිජිටල් ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, යටිතල පහසුකම්, පෞද්ගලික ආරක්ෂව සහ පාරිසරික ආරක්ෂාව යනුවෙනි.

එම දර්ශකය අනුව වසර ගණනාවක් පුරා එම ලැයිස්තුවේ පළමු ස්ථානය මාරුවෙන් මාරුවට හිමිකර ගත්තේ ටෝකියෝ, සිංගප්පුරුව, ඔසාකා වැනි ආසියානු නගරයි.

නමුත් 2021දී එය වෙනස් වී තිබේ.

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරය මෙවර ලොව ආරක්ෂිතම නගරය ලෙස තේරී ඇත. ඒ, ලකුණු 100කින් 82.4ක් ලබාගනිමිනි.

කෝපන්හේගන් නගරය 2019 වසරේදී එම ලැයිස්තුවේ සම-අටවැනි ස්ථානය හිමිකරගෙන තිබුණි.

නමුත් මෙවර හඳුන්වා දී ඇති පාරිසරික ආරක්ෂාව යටතේ එම නගරය වැඩි ලකුණු ගණනක් හිමිකර ගෙන ඇති අතර පෞද්ගලික ආරක්ෂාව කාණ්ඩයෙන් ද එම නගරය ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තිබූ බව විදෙස් මාධ්‍ය පැවසීය.

Related posts

ප්‍රබල භූ කම්පනවලින් පීඩා විඳි තුර්කියට ගංවතුරක්

Admin

ඉන්දියාව සමලිංගික විවාහ අයිතිය පිළිගනී… ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ තීන්දුවක්

colombotoday

මංගල උත්සවයේදී මත්පැන් මදිවූ මිතුරන්, මනාලයාට පිහියෙන් අනියි

colombotoday

පාකිස්ථානයේදී සීඝ්‍රගාමී දුම්රියක ගින්නක්

Admin

උතුරු කොරියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරා දමයි!

colombotoday

ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයා ඉන්දියාවෙන්

colombotoday